Thursday, June 18, 2015

කලා සාහිත්‍ය හා රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් " !!.ගීතාඞ්ජලී | Gitanjali.!! "

ගයන්නට මා රැගෙන ආ ප්‍රගීතය | තෙලෙස් වන ගීය


ප්‍රගීතය.!
මා ගයන්නට රැගෙන ආ,
ගොළුව නිහඬව ඇත
අද වන තුරු ද

වෙණ තත් සිඳිමින් ද
යළි යළිත් සදමින් ද
ගෙවා ඇත මා දින ගණන්

සුදුසු කාලය මෙතුවක්
සැබෑවක් නොම විය,
වදන් වැල් නිසි ලෙස
බැඳී ගැලපී නොමැත.
අහිමි පැතුමක අමිහිර පමණක්
වෙලී පැටැලී රැඳී ඇත හද


................................................
පිවිසුම
http://geethanjalee.blogspot.com/ 

No comments:

Post a Comment