Wednesday, June 10, 2015

සාහිත්‍ය කලා විචාර හා රසවින්දනාත්මක තොරතුරු රැගත් බ්ලොග් එකක් "සඳුන් සෙවණ"

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත 1 - විමල් කුමාර ද කොස්තා.....



මට මතක හැටියට ඒ 1974 හෝ 1975 වසර වන්නට ඇත. එවසරේ එක්තරා සැන්දෑවක අනුරාධපුර මහජන ක්රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට තාත්තා මා කැටුව ගිය හැටි යාන්තමට මෙන් මතකය. 

එච් ආර් ජෝතිපාලයන් වේදිකාවෙන් නොබැස සින්දු ගණනාවක් කියු හැටිත් බෙග් මාස්ටර් අතේ රඳවාගත් කොළ මිටියක් දෙස බලාගෙන ඉතා ගැඹුරැ හඬින් එතුමාගේ ගීත ගැයූ අන්දමත් තව තව නොයෙකුත් ගායකයන් ගීත ගයන අයුරැත් තාත්තගේ අතේ එල්ලී මම මුව ආයාගෙන බලා සිටියෙමි. 

මේ අතර මට මතක හැටියට මංගල ප්රේමදාස නම් ශිල්පියෙක් තම කට හඬ යොදාගෙන විවධ සතුන්ගේ , කුරැල්ලන්ගේ හා වාහන වල ශබ්ද මැවීය. මම මෙය බලා මහත් සේ තුටු වුණෙමි. ඔහු කළ සමහර ශබ්දයනට වැඩිහිටියන් බොහෝසේ සිනහ සැලුවත් මට ඒ ඇයිදැයි වැටහීමක් නොවුණි. 

ඔහු වේදිකාවෙන් බැස ගිය පසු තව ගායකයෝ කිහිප දෙනෙකු ගී ගැයූ අතර නිවේදකයා ඉන්පසුව වේදිකාවට හඳුන්වා දුන්නේ අමුතුම පුද්ගලයෙකි. 

ඔහුගේ මුහුණෙහි ඇස් දෙක ඉතිරි කොට සුදු සායම් ආලේප කොට තිබිණි. සුදු පැහැති අත් වැසුම් වලින් දෑත් වැසී තිබිණි.

ඔහුගේ නම මට හරියට ඇසුණේ නැති අතර නිවේදකයා ඔහු අභිරෑපන රංගනයක් ( miming) කිරීමට යන බැව් පැවසීය. එවෙලේ ඒ වචනය නොතේරැනත් ඔහුගේ රංගනය නරඹා තුටු වූ දස දහසක් රසිකයන් අතරේ සතුටු වන අතරම එහි තේරැම කිසිම කතාවක් නොමැතිව රංගනයෙන් පමණක් තමන්ගේ හැගීම් ඉදිරිපත් කරන බව දැනගතිමි. 

ඒ ශිල්පියා ඒ කාරිය ඉතාම මැනවින් අති දක්ෂ ලෙස කළබව මට මතකය. 

............................................................................
 
පිවිසුම

No comments:

Post a Comment