පොඩීඊඊඊඊඊඊ කතාවක්
අපි ඉතිං වානර ය ගෙන් පැවත එන්නන් නො වැ.. ඒත්
ඉතිං ඉඳල හිටල අපි උන්නැහේටත් අපහාස කොරන වෙලාවල් තියේ.., උන්නැහෙ කීවේ අපේ මුතුන්
මිත්ත.., ඔව් ඔව්... අර මහා වානරය තමා... ඉතිං අපිත් කියනව නෙ ව වඳුරෙක් එහෙම
දැක්කොත් අන්න උඹේ නෑදෑයෙක් කියල මාත් ඔය වචන සෙට් එක අනන්ත අහගෙන ඇති.. අර
කතාවටත් කියන්නෙ හැට පැන්නත් වඳුර බිමිං නොයයි කියල... මේ කතාවත් අන්න ඒ වගේ අත් ඇර
ගන්න බැරි පුරුද්දක් ගැන.
මං කොහෙ හරි යන්න ලෑස්ති වෙනව කියල අපේ තාත්ත
එහෙම දැක්කොත් අහන්නෙ කොහෙද යන්නෙ කියල... ඒත් ඉතිං මනුස්සය දන්නව මොකද්ද හම්බෙන
උත්තරේ කියල. ඒත් අහනව නිකං පුරුද්දට වගේ... "පොඩි ගමනක්.." එච්චරයි ඊට පස්සෙ ආයෙ මට
අනිවාර්යෙන් ඇහෙන වචන සැට් එකකුත් තියේ..,
ඔව් ඔව් උඹේ "පොඩි ගමන්" නතර වෙන්නෙ ඉතිං
පේදුරුතුඩුව ට ත් ගිහින් තමා... ඒ තමා අපේ තාත්ත ලංකාවෙ ගියපු වැඩිම දුර මං
හිතන්නෙ. මොකද මනුස්සය කීවොත් ඉතිං පේදුරුතුඩුවයි දෙවුන්දර තුඩුවයි ගැන තමා.. මං
කියල වුණත් ඊට එහා ගිහිං නං නෑ... තාත්ත නං ළගදි ඉන්දියාවෙත් ගිහිං ආව... ඒත් අර
කතාවෙ වෙනසක් නෑ... ඒ වගෙම තමා "පොඩි" වැඩක්... "පොඩි" කතාවක්... "පොඩි" ඇක්සිඩන්ට්
එකක්... මං මොකක් හරි කීවොත් ඔය "පොඩි" කියන
විසේසොන පදේ දාල, අන්න අපේ ගෙදර උදවිය
දන්නව එහෙනං තත්වෙ ටිකක් බරපතලයි කියල... බැරි වෙලා හරි මං කීව නං හෙණ පත
ඇක්සිඩොං
එකක් එහෙම වෙලා කියල අපේ ගෙදර ඈයො ගාණකට වත් ගන්නෙ නෑ.. ඔව් ඔව්... අර
යාංගල්මෝදර
කෝච්චියයි බස් එකයි හැප්පිච්ච වෙලාවෙත් මං කියල තියෙන්නෙ උදේ පොඩි
ඇක්සිඩන්ට් එකක් වුණානෙ.. යංගල්මෝදර දි කෝච්චියකුයි බස් එක්කුයි හැප්පුණා
නෙ කියලලු .. මං දන්නෑ මටත් අපේ අම්ම තමා කියන්නෙ ...
ඉතිං ඔහොම වෙච්ච "පොඩි පොඩි" කතා ටිකක් කියන්න තමා
මේ සූජානම...
.....................................................
පිවිසුම
තැන්කූ වේවා දුන්න පබ්ලිසිටියිට
ReplyDeleteජයවේවා