Tuesday, June 23, 2015

තවත් අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් එකක් " සුදු පූසාගේ අඩවිය "

බැංකුවේ ජීවිතේ - පලමු සතිය

හා හාපුරා කියා බැංකු ජීවිතය ආරම්බ කල මාහට පලමු සේවා අංශය ලෙසින් ලැබුනේ පෞද්ගලික බැංකු කටයුතු අංශයයි (Personal Banking Unit). එහි ඒ වන විට කටයුතු කරමින් සිටියේ කණිෂ්ඪ විධායක නිලධාරීන් වූ සෙව්වන්දි අක්කා සමගින් හිරන්ත අයියායි. මාගේ ආගමනයත් සමගම මුදල් අයකැමිව සිටි වාමර පස්වන නගර ශාඛාවට ස්ථාන මාරුවක් ලබා ගිය අතර හිරන්ත අයියා තම කැමැත්තෙන්ම මුදල් අංශයට සංක්‍රමණය වෙන ලදී. සෙව්වන්දි අක්කා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරිණියක් වු අතර නිතරම සිනහමුසු මුහුනෙන් කටයුතු කරන්නියකි. 

සිරිත් පරිදි උදෑසන 8ට පමණ කළමණාකාරතුමියගේ ප්‍රධානත්වයෙන් කෙටි සාකච්චාවක් සියලුම දෙනා එක්ව සිදුකරන්නේ දවසේ ඉලක්කයන් සහ දිනයේ සිදුකල යුතු කටයුතු පිලිබදවයි. ඉන් පසුව සියලු දෙනා එක්ව ගායනා කරනුයේ ලංකා බැංකුවේ ගීතයයි. .................................................................

පිවිසුම
http://sudupoosa91.blogspot.com/

No comments:

Post a Comment