Monday, June 22, 2015

ශාස්ත්‍රීය තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් "ansathu dinapotha "

ලෝකයේ උසම දුම්රිය මාර්ගය

වර්ශ 2006 දී හූ ජින්තාවෝ ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් චීනයේ ක්සිනින් නගරයේ සිට ටිබෙටයේ ලාහ්සා නගරය දක්වා අතිශය දුෂ්කර දුම්රිය මාර්ගයක් විවෘත කලා. ඒ දුම්රිය මාර්ගයේ වැඩිකොටසක් තියෙන්නෙ මුහුදු මට්ටමේ සිට මීටර 4000ට වඩා උසින්. දැනට ලෝකෙ තියෙන දුම්රිය මාර්ග වලින් වැඩිම උසකින් පිහිටා තිබෙන දුම්රිය මාර්ගය තමයි ක්සිනින් ලාහ්සා දුම්රිය මාර්ගය. මේ දුම්රිය මාර්ගය 2001 ජුනි මස 29 වෙනිදා පටන් අරං 2005 ඔක්තෝම්බර් මස 12 වෙනිදා වැඩ නිමකලා. දැනට මේ දුම්රිය මාර්ගය ඔස්සේ චීනයේ ෂැංහය්,බෙයිජින්, ගුආන්ශු,ක්ෂියාන් ආදී තැන්වල සිට ටිබෙටයේ ලාසා වලට දුම්රිය සේවා ක්‍රියාත්මක කරනවා. 

ලෝකයේ වැඩිම උසක් තිබෙන දුම්රිය ක්වින්ග්හායි ලාසා මාර්ගය කදුමතින් මිනිස්සුන් නැති කාන්තාර බිම් මතින් අයහපත් ශීත කාලගුණයන් යටතේ අඩු ඔක්සිජන් සැපයුමක් තිබියදී පවා වසර 5කින් නිම කරන්න චීනයට හැකි වෙනවා. සීතලට හිම මිදෙන කදුවල වැසි කාලයට සහ ශීත කාලය නිමවීමත් සමගම එක වකවානුවකදී පොලව මඩ සහිත ස්වභාවයක් ගන්නවා. ඒ තත්වයන්ට ඔරොත්තු දෙන විදියට දුම්රිය මාර්ගය සැලසුම් කරන එක එක්තරා විශාල අභියෝගයක් වෙනවා. 
 

පිවිසුම

No comments:

Post a Comment