Sunday, June 7, 2015

සංවාදශීලී විචාර හා කාලීන සිදුවීම් තොරතුරු බ්ලොග් එකක් "උඩුවාගේ සටහන්"

දැන් ඉන්න උන් වික්ටර් අයිවන්ව දන්නැද්ද? (1)



වික්ටර් අයිවන් මහතා ගැන සටහනක් ලියන්නට ටික දිනක පටන් සිතා සිටියෙමි. එය ටිකක් කල්පනා කොට හෙමිහිට ලියන්නට සිතා හිටියත් ඒ සඳහා විවේකයක් සොයාගැනීමට මෙතෙක් නොහැකි විය. එහෙත් හෙට උදෑසන 9.30ට ජාතික පුස්තකාලයේදී වික්ටර් අයිවන් මහතාගේ තිස් වසරක මෙහෙවර ගැන විද්වතුන් කිහිපදෙනෙකු විසින් ලියූ පොත එළිදක්වන නිසා අද කුමක් හෝලිවිය යුතුයැයි සිතුවෙමි.

එහි ප්‍රතිඵලය ලෙස කල්පනා කොට සංයමයෙන් ලියූ සටහනක් වෙනුවට සුපුරුදු ලෙසම සටහනක් හදිසියේ ටයිප් කොට අප්ලෝඩ් කර තවත් වැඩකට දිව යන්නට සිදුවිය.


සාර්ථක ගමනක් යන කිසිවෙකුට පරමාදර්ශී චරිත හෝ වීරයන් සිටිය යුතු නැත. කාවවත් අනුගමනය කළ යුතු නැත. ඒ නිසා අයිවන් මට වීරයෙක් හො පරමාදර්ශී චරිතයක් නොවේ. (මං සාර්ථක ගමනක් යනව කියල නෙවෙයි කියන්නේ... කාගෙවත් අනුගාමිකයෙක් නොවිය යුතුයි කියල) එහෙත් මාධ්‍යවේදියෙක් ලෙස මා වඩාත් ආභාෂය ලබන්නට කැමති පුද්ගලයන් අතරින් ප්‍රමුඛතමයා ඔහු යැයි කිව හැකිය. (ජනරංජන, ලසන්ත රුහුණගේ, විමලනාත්, ටිරන් කුමාර වගේ රාවයේ අයගෙත් බිඟුන්, ශාලික වගේ යාළුවන්ගෙත් අභාෂය තමා අයිවන් හැරුණහම මට වැඩිපුරම ඇත්තේ) ඒ නිසා මට අයිවන්ව වැදගත්ය.
...........................................................................

පිවිසුම
http://uduwaage.blogspot.com/ 

No comments:

Post a Comment