Wednesday, August 6, 2014

හඳුන්වාදෙන ශාස්ත්‍රීය බ්ලොග් අඩවියක් "හදපතුල"

සුබ ගමන්..! 

 

මං සමනොල කන්ද මුදුණින් ඉපැදුණේ මගේ 

උවමනාවට කියලා එහෙම හිතන්ට එපා.. 

  මං පහලට ගලාගෙන ගියේ ඉහලට ගලන්ට මට 

ආසාවක් ඇති වුණේ නැති නිසා නොවෙයි.. අනෙක

 මං ගලපු පාර වුණත්.. මං ආසා කරපු පාර ම 

නෙවෙයි.

  වංගු අතරින්.. ගල් වල වැදි වැදී.. මං ගියෙ දුෂ්කර 

ගමනක් විතරක් නෙවෙයි.. මට යන්ට කිසිම 

උවමනාවක් නොතිබුණු ගමනක්.

..  ඒත් මිනිස්සු නම් කියන්නෙ.. එහෙම යනකොට මං 

හරි ලස්සනයි කියලා.. පහලට ගලං යන්ට යන්ට.. මං 

ලොකු උනා.. ශක්තිමත් උනා..

  ඒත් මට.. මට ඕන දේ කරන්ට නම් ඉඩක් 

ලැබුණේම 

නැති තරම්.. 

  ඔයාලා හිතනවද මට ඕන උනා කියලා.. 

අහිංසකයින්ගෙ ගෙවල් කඩලා දාන්න..?

  මට ම මාව පාලනය කරගන්ට බැරි වුණු නිසයි 

එහෙම

 දේවල් සිදු වුණේ.. 

  තව තවත් දුරට යද්දි මගේ ගැඹුර සහ පළල දෙක ම

 වැඩි වුණා.. 

  ඊළඟට මට ලුණු රහ දැනෙන්ට ගත්තා.. මං දැන 

ගත්තා මගේ ගමනාන්තය කිට්ටුයි කියලා.

මට හඬන්ට කඳුළු වත්.. හෙලන්ට සුසුම් වත් 

තිබුණෙ

 නෑ.. මං මගේ ගමන හමාර කළා.. 

  දැං මට තියෙන්නෙ අලුත් තැනක්.. එතැනට කිවුවෙ 

මුහුද කියලා.. 

  මට ආයෙමත් ගඟට එක්කාසු වෙන්ට නං 

කාලාන්තරයක් යයි.. 

  ඒ අතර කොයි කොයි ඉසවු වලට යන්ට වෙයි ද? 

අනේ මංදා..!

 

 පිවිසෙන්න

http://hadapathula.blogspot.com/

 

1 comment: