Sunday, August 3, 2014

හඳුන්වාදෙන නවක බ්ලොග් අඩවියක් "විභීෂණ අඩවිය"

ඇත්ත එලියට | ඒගොල්ලෝ ඉතිහාසය වෙනස් කර ඇත. 

 ඊයේ ලංකාදීප පත්තරේ තනි පිටුවක් පුරා ආණ්ඩුවේ මෙගා දැන්වීමක් විය.  මට කියවන්න ලැබුනේ ලංකාදීපය විතරක් නිසා අනිත් පත්තර වල තිබුනාද දන්නේ නැත.  සහතික වශයෙන්ම තිබුනා විය යුතුය . ආණ්ඩුවේ වැඩ(ප්‍රචාරක ) එහෙමය. කිසිම ජනමාධ්‍යකට අඩුවෙන් සලකන්නේ නැත. හැම පත්තරේටම තමන්ගේ මෙගා දැන්වීම ලොබ නැතිව දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීම( තමන්ගේ ) මූලික අයිතිවාසිකමක් කියල කොහෙද මන්ද ලියල තියෙන නිසාය. 
මේ මෙගා දැන්වීම් කලාව තනි පිටුවට නොව මැද පිටු දෙකම අල්ලගන්නා අවස්ථාද දුලබ නැත. ඒවා "මෙගා " නොව "ගිගා" විය යුතුය. ඒ වගේ දැන්වීම් මහා ඡන්දයක් කාලෙට හොඳහැටි දැකිය හැකිය.
විභීෂණ  දන්නා තරමට ලෝක ඉතිහාසය ඇතුලේ පත්තර ඉතිහාසය පුරාම පත්තරේ දිග ඇරියම  අත් දෙකටම අල්ල ගන්න පුළුවන් පිටු දෙකක් පමණය. එක පිටු තුන හතරක් වෙලා තිබුන නම් ඉතින් අපිට දෙවි පිහිට පමණක්මය.  මොකද එහෙම වුනත් අපේ පින්බර බදු මුදල් වලින් ඒ පිටුත් පුරවන්න මේ ජනතාවාදී පප්පල සැට් එක පසුබට වෙන්නේ නැත.
මෙගා හෝ ගිගා දැන්වීම වල මිල ගණන් ඇහුවම , ඒ වගේ දැන්වීම් දාන්න සල්ලි තියෙන අයට තමන් ව තෝරා පත් කරපු මහජනතාවට බොන්න වතුර ටික දෙන්න ප්‍රතිපාදන හිඟ වෙන්න හේතුව නම් මහා අබිරහසක් වගේ අපිට තේරුම යන්නේය. 

පිවිසුම

http://vibheeshana2.blogspot.com/

No comments:

Post a Comment