හඳුන්වාදෙන සාහිත්‍යමය බ්ලොග් පිටුව "තනිතරුව"
දිල් පීචං ක්යා හේ - අවසාන කොටස
4වන කොටසට
20වෙනි රූප රාමුව:
රාජ් රොකීගේ ගෙදර බැල්කනියේ වාඩිවෙලා කම්මුල අත ගගා ඉන්නවා...පපායි පවුලූෂායි රොකීයි එයාව හොයාගෙන බැල්කනියට එනවා...
"පුතා.."
"පපාජී.."
"අපි හෙට කෝච්චියේ ශිම්ලා යමු පුතා.."
රාජ් හිටි තැනින් උඩට විසික්වෙනවා..
"හෙට?? ශිම්ලා? අනේ පපාජි සප්නාව දාල යන්න බෑ.." රාජ් පුංචි කාලේ ඩොක්ටර් ලඟට යමු කිව්වම වගේ පින්සෙණ්ඩුවෙලා කියනවා..
පපා ඔළුව වනනවා...
"ඒ ගැන අමතක කරන්න පුතා..ඔය මැර
ධනරාජ්ගිර් එක්ක හැප්පෙන්න දුප්පත් අපට බැහැ..අම්මා මළාට පස්සේ අපිට ඉන්නේ
අපි විතරයි...අපි යමු පුතා...අපි යමු.." පපා කවදාවත් නැතුව රාජ්ගේ ඇස් මග
ඇරලා කතා කරනවා..
රාජ් ටිකක් වෙලා පපා දිහා බලා
ඉන්නවා..එයාගේ මූණ වෙනස්වෙනවා...එයා හැරිලා ගිහින් බැල්කනි වැටට අත් දෙක
තියන් උරිස් හතරැස් කරන් පාර බලන් ඉන්නවා...
"පපා..ඒකම නෙවෙයි නේද හේතුව..?" රාජ් බාගෙට තරහෙන් බාගෙට දුකෙන් අහනවා...
පපා කලබල වෙනවා..
"ඒක තමයි පුතා හේතුව...කෙල්ලෙක් නිසා මට මගේ පුතාව නැතිකරගන්න බෑ.." පපා ලඟට ඇවිත් රාජ්ගේ පිටට අත තියනවා.."අපි යං"
"පපා..එදා පපා කිව්ව කතාවෙ හිටිය කෙනා
සප්නාගේ අම්මා නේද? අම්මාව හම්බවෙන්න කලින් පපා ආදරේ කළේ එයාට නේද?" රාජ්
මේ පැත්ත හැරිලා පපාගේ උරිස් දෙකෙන් අල්ලං මූණට එබිලා අහනවා...
පපා පුදුම වෙලා රාජ්ගේ මූණ බලනවා..හරියට
මූ කොහොමද ඒක දන්නේ කියලා...රොකීගේ කට ඇරිල අයාලේ යන මැස්සෙක් ඒකට
රිංගගන්නවා..එය තුක් ගාල කෙළගැහුවම මැස්සා මැරිලා බිමට වැටෙනවා...පවුලූෂා
කරකියාගන්න දෙයක් නැතුව ඇවිදන් ඇවිත් රාජ්ගේ සපෝට් එකට පැත්තකින්
හිටගන්නවා...
පපා තටම තටම ටපල ටපල මොනාදෝ කියන්න උත්සහ කරලා රාජ්ගේ අත්දෙක අතෑරලා හැරෙනවා...
"පපා මට ඇත්ත කියන්න පපා..ප්ලීස්.."
"ඔව්..පුතා..." පපා බැරිම තැන කතාව කියන්න ගන්නවා...
"පුතා... මම එදා කිව්වා වගේ මම අවුරුදු
ගාණකට පස්සේ සාවිත්‍රිව දකිනකොට එයා හිටියේ පොඩි ළමයෙක් එක්ක...ඒ ගෑණු
ළමයෙක්...ඒ සප්නා නම් එයා ඔයාට වඩා සෑහෙන්න වැඩිමල් වෙන්න ඕන..ඒ කියන්නේ මේ
කසාදේ කොහොමවත්ම කරන්න බෑ නේ පුතා.."
රාජ් මාර විදියට අප්සෙට් වෙනවා..එයා
ගෙදරින් එළියට දුවනවා...පාර දිගේ ඔහේ දුවනවා...කට්ටිය එයා පස්සෙන් දුවලා
නවත්තගන්න හදනවා ඒත් එයාල යද්දිත් රාජ් පාරට ගිහිං ඉවරයි...
පපා අවුලෙන්, රොකී පුදුමෙන්, පවුලූෂා දුකෙන් ඒ දිහා බලං ඉන්නවා...
21වෙනි රූප රාමුව:

පිවිසුම
බොහොම ස්තූතියි අජිත්..:)
ReplyDelete