Saturday, August 2, 2014

සංවාදශීලී ශාස්ත්‍රීය බ්ලොග් පිටුවක් " අසම්මතයා "

මාළු වෙළෙන්දා සහ පොහොසත් ව්‍යාපාරිකයා 

 දිනක් නිවාඩුවක් ගත කිරීමට සංචාරයක් සඳහා පැමිණි ව්‍යාපාරිකයෙකු කුඩා බ්‍රිසිලියානු ගමක මුහුදු වෙරළක් අසල හිඳගෙන සිටින අතරතුර කුඩා බෝට්ටුවක තරමක් විශාල මාලු රැලක් අල්ලාගෙන වෙරළ කරා ළඟා වෙන ධීවරයෙක් ඔහුගේ ඇස ගැටුනි.
එක් දිනක් තුල අල්ලාගත් මාලු ප්‍රමාණය සහ ඔහුගේ කඩිසරකම දුටු ව්‍යාපාරිකයා ධීවරයා ගැන පැහැදීමක් ඇතිවී ඔහුගෙන් මෙසේ ඇසුවේය.

"ඔච්චර මාලු ගොඩක් අල්ලාගන්න ඔයාට කොච්චර වෙලාවක් ගියාද?"

"මේ ටික අල්ල ගන්න මහ වෙලාවක් යන්නේ නෑ"

ධීවරයා සිනා මුසු මුහුණෙන් පිළිතුරු දුන්නේය.

"එහෙනම් ඇයි ඔයා තවත් වැඩි වෙලාවක් මුහුදු ගිහින් මීට වඩා වැඩියෙන් මාලු අල්ලන්න උත්සාහ කරන්නේ නැත්තේ?"

ධීවරයා ගැන විශ්මයට පත් ව්‍යාපාරිකයා ඇසීය.

"මේ ටික මටයි, මගේ පවුලේ අයටයි හොඳටම ඇති"

ධීවරයා ගැන පුදුමයට පත් ව්‍යාපාරිකයා නැවතත්,

"එහෙනම් ඔයා දවසේ ඉතුරු කාලය මොනවා කරන්නද වැය කරන්නේ?" යැයි ඇසීය.

එයට පිළිතුරු දෙන ධීවරයා,

"ම්ම්ම්... මම හැමදාම උදෙන්ම නැගිටලා මුහුදු යනවා. ඒ ගිහින් මාලු ටිකක් අල්ලගෙන දවල් වෙන්න කලින් ගෙදර යනවා. ඊට පස්සේ දවල් කාලයේම මම කරන්නේ මගේ දරුවන් දෙදෙනා එක්ක සෙල්ලම් කරන එක. හවස් වෙද්දි මගේ බිරිඳ සමඟ පොඩි නින්දක් දාලා රෑ බෝවේගෙන එද්දි මගේ ගමේ යාලුවෝ එක්ක ගිටාර් එක වයමින්, සින්දුවක් කියමින් යන්තමට මධුවිත ටිකක් තොලගාලා සතුටු වෙලා නින්දට යනවා.." යැයි පැවසීය.


පිවිසෙන්න

http://nidahass.blogspot.com/

No comments:

Post a Comment