Wednesday, August 13, 2014

රසවින්දනාත්මක සාහිත්‍යමය බ්ලොග් එකක් "මදෙවු විල"

හංස ගීතය

 

කාරණාවට බහින්ට කළිං පොඩි කතන්දරයක් කියල දෙන්ට යි ලෑස්තිය...

ඕන්න ළමයිනේ ඉස්සර කාලෙ දඹදිව හිමාල වනයට ළඟින් තිබුණ නිෂධ නමින් හැමෝම දන්න ආශ්චර්යමත් රාජ්‍යයක්.  මේ රාජධානියෙ රජතුමා වුණේ පොඩි, එත් හොඳ බුද්ධිමත් ඇමැති මණ්ඩලයක් එක්ක දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලනය කරපු නල රජතුමා.



(සෙමෙන් කිව්වෙ සාමයෙන් කියන එක. එහෙම නැතුව එතුමට ඉහෙන් බහින ලෙඩක් තිබුණෙ නෑ ඕං). මේ රජතුමා එසේ මෙසේ පොරක් නෙවෙයි. අස්සයො පිටේ යන්ට රජ බඩුවක්. ඒ වගේ ම තමයි ඕං කාය සත්තිය. දෙතුන් දෙනෙක් එක්ක වුණ ත් පොරබදල උන්ව මෙල්ල කොරගනීවි කිසි ම මහන්සියක් නැතුව.


ඒත් ඉතිං අපරාදෙ කියන්ට මේ නල රජතුමා කෙහොම හයි හත්තිය තිබුණ වුණත් නිරපරාදෙ කාටවත් දුකක් කරදරයක් වෙන්ට ඉඩ තිබ්බෙ නැති උත්තමයෙක්. උන්නාන්සෙගෙ කරුණාවත් බව මුළු රාජ්‍ය විතරක් නෙවෙයි අසල්වැසි රාජ්‍ය වල මිනිස්සු ත් දැන හිටිය. මේ කරුණාවන්ත බව නල රජතුමාගෙ මූණෙනුත් පෙනුණ. ඒ පින්පාට ඔහු ගෙ සිරුරෙ කඩවසම් බවට එකතු වෙලා ඔහු ව මිහිපිට ඉන්න දෙවි කෙනෙකු ගෙ රුවට සම කරල පෙන්නුව.

පිවිසුම
http://chamikaya.blogspot.com/ 
















No comments:

Post a Comment