Monday, August 11, 2014

රසවින්දනාත්මක විවිධාංග බ්ලොග් පිටුවක් "හුදෙකලා රස්තියාදුව"

අලි අඩියන්ගේ Percussion සංගීතය.. 

 මක්කැයි මේ පර්කෂන් කියන්නෙ..? මං දන්න විදිහට විස්තරයක් කරොත් Percussion සංගීතය කියන්නෙ මොකක්හරි සංගීත භාණ්ඩයක් ඝට්ටනය(strike) කරල හරි කම්පනය කරල ලබා ගන්න රිද්මයට. එතකොට හැම සංගීත භාණ්ඩයක්ම වගේ Percussion නෙ. මොකද ගොඩක් සංගීත භාණ්ඩ වලින් ශබ්දය ලබා ගන්නෙ කම්පනය කරල. එහෙම වුනාට Percussion වලට වැඩියෙන් ගන්නෙ බෙර වර්ග. එතකොට අපේ දවුල, තම්මැට්ටම, ගැට බෙරය, යක් බෙරය, උඩැක්කිය.. ඒවත් Percussion තමා.. 

 මේ ෆොටෝ කෑල්ල බලපුවාම තේරෙයි..

 සංචාරකයට ඔය බෙර ජාති වලට ඉස්සර ඉඳන්ම හෙන ආසාවක් තිබ්බෙ.. දන්න පදයක් නැති වුනාට ඔය කොංගො එකක් වගේ ගන්න හෙන ආසයි. කොහෙදෑ ඉතින් එව්වල ගණං අහපුවාම උඩ යනවා.  Percussion කිව්වාම හැමෝටම මතක් වෙන්නෙ අප්‍රිකානු සංගීතය නෙ.අප්‍රිකාව විශේෂ වුනාට ලෝකෙ ඕනම රටක සංගීතයෙ උපත Percussion මියුසික් තමා.

අපි ඉන්න දිහාවෙ ඒ කියන්නෙ කඩුවෙල රංකඩු දේවාලෙ එහෙම ගම්මඩු දෙවොල්මඩු පටන් ගත්තාම මං හෙන ආසාවෙන් යන්නෙ. මොකද අන්තිම දවසෙ ගිනි පාගල උත්සවේ ඉවර වෙනකං හැම දවසෙම නැටුම් නටනවා. ඔය වන්නම් වල නම්නං මං දන්නෑ ඕං. නැටුමට වැඩිය මං ආස බෙර සද්දෙට. මේ සැරේ පටන් ගන්නෙ අගෝස්තු 16 ද කොහෙද..
දන්නෙම නැතුව කතාව පිට පැන්න නොවැ..
 
ලංකාවෙත් Percussion මියුසික් තරමක් ජනප්‍රියයි. ඒ අතරින් ලංකාවෙ Percussion මියුසික් බෑන්ඩ් වලින් හොඳටම ජනප්‍රිය හික්කඩුවෙ Elephant Foot සහ Naadro. හැබැයි නාද්‍රො ටක්ගාල මාර්කට් වුණා. දෙගොල්ලොම මරු වුනාට මංතුමා ගොඩක් කැමති Elephant Foot හෙවත් අලි අඩියන්ට.. 

 

පිවිසුම

http://rasthiyaduvak.blogspot.com/ 

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment