Monday, March 14, 2016

තවත් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " බොර තෙල් "

පන්හිඳ කගපතක් කරගත් සුනිල හදවත- සුනිල් මාධව ..




ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්‍යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී පවා උගන්වනු ලැබුව ද සිය ජීවිත පවා අනතුරේ හෙළා අතුරේ යෑමට නොපැකිළෙන මාධ්‍යවේදියෝ එදත් සිටියහ. අදත් සිටිති. ඔවුන්ට පැහැදිලි දේශපාලනයක් ඇති අතර ඒ දේශපාලනයේ සීමා මායිම් තීරණය වන්නේ පොදු ජනයාට ඇති ප්‍රේමය මතය. පන්හිඳ කගපතක් සේ දකින එවැන්නෝ මහජනයාගේ සෙනෙවිවරු වෙති. රාජ්‍ය පුරා භීෂණය පැතිරී ගිය අවසන් අඳුරු සමයේදී එසේ පන්හිඳ කගපතක් කරගත් සෙනෙවිවරු රැසක්ම වෙති. සුනිල් මාධව ප්‍රේමතිලක යනු එම සෙනෙවිවරුන් අතර සිටි පෙරමුණේ රාල කෙනෙකි. මාධ්‍ය දිවිසැරියේ අඩසියවසක් සපිරෙන මොහොතේ ජනතා පත්‍රකලාවේදියකු හැටියට සිය ආදරණීය සගයන්ගෙන් මෙන්ම සුවහසක් වූ සහෘද සටන් සගයන්ගෙන් පාඨක ජනයාගෙන් බුහුමන් ලැබීමට තරම් සුනිල් අයියා භාග්‍යවන්ත වී ඇත්තේ එහෙයිනි. 
...........................................

පිවිසුම
http://borathel.blogspot.com/ 

1 comment:

  1. බ්ලොග් අවකාශයට දුහුනකු වන මා හට අත දුන්නාට බෙහෙවින් තුති අජිත් සහෝදරයට..

    ReplyDelete