Wednesday, March 2, 2016

කාලීන සිදුවීම රටත් ජාතියත් පැත්තෙන් දකින තවත් වැදගත් ශාස්ත්‍රීය හා විචාර බ්ලොග් එකක් " කරලම බලමු "

ලංකා පාර්ලිමේන්තුවේ ඉන්දියානු හඬ

පාර්ලිමේන්තුව තුල ඉන්දියානු හඬ නියෝජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් පත් කර ඇති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තුව අමතමින් කරනු ලැබූ ප්‍රකාශයෙන් උපුටා ගන්නා ලදි. ඉන්දියාව හිංදියෙන් අපට කියන දේත් මෙයා සිංහලෙන් කියන දේත් අතර වෙනසක් තිබේද ?

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සෑදීමේ ස්‌වර්ණමය අවස්‌ථාවයි මේ

ජයම්පති වික්‍රමරත්න

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ව්‍යහයක්‌ සෑදීමට, එසේම එම ව්‍යහය ජනතාවගේත්, දේශපාලන පක්‌ෂවලත් පුළුල් සහයෝගයකින් සෑදීමට තිබෙන ස්‌වර්ණමය අවස්‌ථාව අද අපට උදා වෙලා තිබෙනවා. අපි අද ගන්නේ ඒ පිළිබඳව වූ පළමුවන පියවරයි. මම එසේ කියන්නේ ඇයි? සියලු ජන කොටස්‌ සම්බන්ධ කර ගෙන, සියලු දේශපාලන පක්‌ෂ සම්බන්ධ කර ගෙන මීට කලින් අපි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා හැදුවේ නැද්ද? 1947-48 අපට ලැබුණු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අපි හදපු ව්‍යවස්‌ථාවක්‌ නොවෙයි. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් අපට දුන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌. සෝල්බරි කොමිසම එක්‌තරා ප්‍රමාණයකට ජනතා අදහස්‌ විමසූ බව ඇත්ත. අමාත්‍යවරුන්ගේ කෙටුම්පත සලකා බැලූ බවත් ඇත්ත. එහෙත් අවසාන වශයෙන් එය බ්‍රිතාන්‍යයට වුවමනා විධියට අප මත පැටවූ ව්‍යවස්‌ථාවක්‌. එම නිසායි ඊට බලවත් විරුද්ධත්වයක්‌ ඇති වුණේ. ඉතාමත්ම ඉක්‌මනින් අධිරාජ්‍යවාදයෙන් ගැලවුණු අනෙකුත් රටවල් කළා වාගේ තමන්ගේම ව්‍යවස්‌ථාවක්‌ ඉංග්‍රීසියෙන් කියනවා, ÒAමඑදජයඑයදබදමි ඤබිඑසඑමඑසදබණී කියලා. ඒ කියන්නේ එම නිදහස්‌ රාජ්‍යයේ පොළොව මතින් හැදුණු ව්‍යවස්‌ථාවක්‌. හැදීමට විශාල උනන්දුවක්‌ තිබුණා. ඒ පිළිබඳව නීති ප්‍රශ්න තිබුණා.පාර්ලිමේන්තුව තුළින් කටයුතු කර සෝල්බරි ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන්ම අයින් කරන්න අපට පුළුවන්ද? රාජාධිකරණයේ  නඩු කිහිපයක නඩු තීන්දුවල වැකි කිහිපයක්‌ නිසා ඒ පිළිබඳ සැකයක්‌ තිබුණා. ඒ වාගේම කිසිම පක්‌ෂයකට තුනෙන් දෙකක බලයක්‌ ලබා ගන්න බැරි තත්ත්වයක්‌ තිබුණා. එම නිසා, සෝල්බරි ව්‍යවස්‌ථාවෙන් ඔබ්බට ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටත රැස්‌වී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ තුළින් ව්‍යවස්‌ථාවක්‌ හැදීමට 1970 මැතිවරණයේදී සමඟි පෙරමුණ ජනතාවගෙන් ජන වරමක්‌ ඉල්ලා සිටියා. බලාපොරොත්තු නොවුණු පරිදි, එවකට තිබූ සමඟි පෙරමුණට ආසන තුනෙන් දෙකකටත් වැඩි ජන වරමක්‌ ලැබුණා. එහෙත්, අර නීතිමය ප්‍රශ්නය මතු වෙයි කියා ඒ තුනෙන් දෙකක ජන වරම පාවිච්චි කර පාර්ලිමේන්තුව තුළින් ව්‍යවස්‌ථාව හැදුවේ නැහැ. මේ කාරණය බොහෝ දෙනෙක්‌ දන්නේ නැහැ. ඒ අනුව නව රඟහලට සියලු මන්ත්‍රීවරුන් කැඳවූ විට ආණ්‌ඩු පක්‌ෂය සහ විපක්‌ෂයේ මන්ත්‍රීවරු 157 දෙනාම පළමු රැස්‌වීමට ආවා. ෆෙඩරල් පක්‌ෂය, ද්‍රවිඩ සංගමය, එක්‌සත් ජාතික පක්‌ෂය, ලංකා සම සමාජ පක්‌ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය ඒ සියලුම පක්‌ෂ පළමු රැස්‌වීමට ආවා. ඒ අනුව සියලුම පක්‌ෂවල සම්බන්ධතාවයෙන්, සියලුම පක්‌ෂවල එකඟතාවයෙන් ව්‍යවස්‌ථාවක්‌ හදන්නට මහඟු අවස්‌ථාවක්‌ ලැබුණා. චෙල්වනායගම් මහත්මයා මෙහෙයුම් කාරක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ හැටියට කටයුතු කළා. නමුත් කියන්න කනගාටුයි, අවසානයේදී ශ්‍රී ලංකාවට ලැබුණේ සමඟි පෙරමුණට ඕනෑ ව්‍යවස්‌ථාවක්‌ මිස, සියලු දෙනාම එකඟත්වයෙන් ලැබුණු ව්‍යවස්‌ථාවක්‌ නොවෙයි කියන කාරණය එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ වාර්තා කියවන විට පෙනෙනවා.
....................................................

පිවිසුම
http://karalabalamu.blogspot.com/

No comments:

Post a Comment