Friday, March 4, 2016

තොරතුරු විචාර විවිධාංග සමග රසවින්දනය හා වෙනත් විශේෂාංග රැගත් බ්ලොග් එකක් " වයලගෙ කාමරේ "

 රත්තණපිටිය







ඔන්න අම්මේ තාත්තේ අයියේ  අක්කේ නංගියේ මල්ලියේ වයලීනෝ මහතා අදත් මෙතනට ආවේ යස අපූරුවට තියෙන ගමක් කාලා බීලා විනාස කරලා දමන්නටයි . උදා හිරු කිරණ මේ මිහිමතට පතිතවෙන මොහොතේ පතන්නම් ඔබට සුබ උදෑසනක් , දවාලක් , සවසක් හෝ රැයක් කියලා . කැමති ඕන එකක් උනත් හිතා ගත්තට මට කමක් නැහැ . ඔය සිරි ජයවර්ධනපුර සරසවියේ ඉගෙනගත්ත , ඉගෙනගන්න අයනම් මේ ගම ගැන හොඳට දන්නවා . මොකද මේ ගම පිහිටලා තියෙන්නේ ජයවර්ධනපුර සරසවියට පිටිපස්සේ නිසා . ඒත් එහෙමයි කියලා මේ කතාව කියවන්නේ නැතුව අතෑරලා දාන්න එපා . මොකද ඒක ජාතික ගීය දෙමළෙන් ගායනා කලාට වඩා  ජාතියට කරන අපරාදයක් වෙන්න පුළුවන් . එහෙනම් මම ඔන්න කතාව පටන් ගන්න තමයි හදන්නේ . හැමෝම සාධුකාරයක් දීලා කැරකිලා දෙකට නැවිලා මේ කතාව අහගෙන ඉන්න ඕන හොඳද ළමයි ?

විජයාගමනයට පෙර අම්මටසිරිලංකාවේ කොළඹ කිට්ටුව තිබුණා එක ගමක් . මේ ගම හරිම පිටිසරයි . මොකෝ ඉතින් දැන් කාලේ වගේ කාර් බස් තිබුනා කියලය . ඉතින් මේ ගමේ අය ගමන් බිමන් ගිහින් තියෙන්නේ ගොං කරත්ත වලින් . ඒ පැත්තේ දැනට ජීවත්වෙන සමහර අයගේ වැඩ දැක්කම දැනුත් ඒ පැත්තේ ඉන්නේ මේ කරත්තවල බැඳපු අයමද කියලා මමනම් හිතන්නේ නැහැ . ඒත් මේක කියවන ඔබ තමුන්නාන්සේලාට ඒ ගැන හිතන්න පුළුවන් .

ඉතින් මේ ගොං කරත්තවල බඳින්න ගොන්නුත් ඉන්නේපාය . ගොඩක් වෙලාවට මේ ගොං කරත්තවල බැඳලා තියෙන්නේ එකම පුද්ගලයෙක්ට අයිතිවෙලා තිබ්බ හරක් . එහෙමත් නැත්නම් එයාගෙන් කරත්ත කුලියට උනත් ගන්න පුළුවන් . අපේ කතාව දැන් තමයි පටන් ගන්නේ . මේ හරක් අයිතිවෙලා හිටපු කෙනාගේ නම ලනුද . එයාට ලනුද කියලා නම වැටිලා තියෙන්නෙත් මේ කරත්ත රස්සාවට සම්බන්ධ නිසාම තමයි . මොකද හරකුන්ගේ නහය විදලා ලණුවක් දාන්න ඕනනේ කරත්තවල බඳිනවනම් . ඒ වැඩේට මෙයා හොඳට දස්සයිලු . ලණු දාන්න දස්ස නිසා තමයි ගමේ ය මෙයාට ලනුද කියලා නම දාලා තියෙන්නේ  . නැත්නම් එයාගේ නම දිකරන් .

............................................................

පිවිසුම
http://sinduwagemiyasiya.blogspot.com/ 

 

 

No comments:

Post a Comment