Sunday, May 24, 2015

ලාංකීය බ්ලොග් කරුවන් ඇගයීමට ලක්කරන වැදගත් වෙබ් අඩවියක් "නෙළුම් යාය"

 We were soldiers 2- ගෑණු මුහුද, කූල් දැල්ලෝ සැලඩ් සමඟ ‘හොට් සීට්’ එකෙන් පොඩුවකට්ටු වෙත ඩීග්‍රේඩ් වීමක්

කල්ලරාව ගැන මගේ දෙවෙනි මතකය කලින් කියුවා වගේ ගිරිහඬු සෑය නැවත ප්‍රතිසංස්කරණය කර වන්දනාමාන කිරීමට සැලැස්වීමේ කටයුත්තට සමගාමී උනා.. කන්ද පාමුල වැවක් අයිනේ ගස් හෙවනේ ලෑස්ති කරල තිබ්බ ගමේ ආරට හැදූ මහා දානය නෙළුම් කොලවල බෙදාගෙන වළඳපු එකට පස්සේ මට ඒ ගමන ගැන හොඳටම මතක තිබුනේ කන්ද මුදුනේ ඉඳන් කොහොඹ ගහක් හෙවනට වෙලා ඇස් විශ්වාස කරන්න බැරුව බලාගෙන හිටපු රන්වන් පීත්ත පටියකින් වෙන් කෙරුණු සජීවී සුදු රේන්දයක් අල්ලපු නිල් මහ සයුරේ අපරිමිත දර්ශනය.. ‘ඔය යාංඔයට පහලින් පුංචි පුංචි ගෙවල් මණ්ඩියක් පේන්නේ.. ආං ඒ තමයි කල්ලරාව.. අර කොටි ගහල හතලිස් ගානක් මැරුණේ.. දැන් ආපහු මිනිස්සු ටික ටික එනවා.. මාළු වාඩි වලට” කවුදෝ කියනවා මතකයි.
දැන් මේක කියවන ඔබ සමහරක් දෙනාට හිතෙනවා වගේම මටත් ඒ වෙලාවේ ඉඳං හිතේ ඇතිවෙච්චි ලොකුම ප්‍රශ්ණේ තමයි යකෝ මෙච්චර අවධානමක් අරන් මේ පට්ට කැලේ මාළු අල්ලන්න එන්න මේ යක්කුන්ට පිස්සුද? කියල වගේ එකක් තමයි. හැබැයි මොකක්දෝ හේතුවකට මං ඒ ගැන කාගෙන්වත්ම අහුවේ නෑ එවලේ.. ඒ වගේම අවුරුදු අටකට විතර පස්සේ ඒකට උත්තරයක් මට කල්ලරාව වැල්ලෙදිම ලැබුනා..
කල්ලරාව ධීවර ගම පිහිටලා තියෙන්නේ ත්‍රීකුණාමලය පුල්මුඩේ මාර්ගයේ තිරියාය ගම පහුකරල ටිකක් උතුරු පැත්තට යනකොට යාංඔය පාලමට කලින් හම්බවෙන කිලෝ මීටර් 3ක් පමණ වෙන පාරත් මුහුදත් අතර වන බිම් තීරුවේ.මේ හරියට ඒ පැත්තේ මිනිස්සු කිවුවේ ‘ගෑනු මුහුද’ කියල.. ඒ කියන්නේ ඒ ආසන්නයේ තමයිලු ඉන්දියන් සාගරයේ ඉන්න වැඩිහරියක්ම මාළුවන් බිත්තර දාන්නේ. මේ ගැන වැඩි විස්තරයක් මං කියන්න දන්නේ නෑ. හැබැයි මට මෙහෙම එකක් හිතුනා.. හැමෝම අහල ඇතිනේ ‘පුල්මුඩේ ඛනිජවැලි’ නිධිය ගැන.. ඔය ඛනිජවැලි නිධිය තියෙන්නේ මං මෙ කියන ස්ථානයට ටිකක් උතුරට වෙන්න. එතන ඉන්න නිළධාරීන් මාත් එක්ක කියපු දෙයක් තමයි මුළු ඉන්දියන් සාගරයටම එකතු වෙන බරින් වැඩි වටිනාම ඛනිජ වැලි මුහුදේ දිය වැල් වල ස්වාභාවය නිසා පුල්මුඩේට එකතුවෙන බව.. මේ දියවැල් වල බලපෑමම වෙන්න පුළුවන් සමහරවිට මේ හරියේ මාළුවෝ වැඩිපුර බිත්තර දාන්න හේතුවත්.
..................................................

පිවිසුම
http://nelumyaya.com/ 

3 comments:

  1. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

    ReplyDelete
  2. ඒ ඇනෝ කියන දේ මේ ඇනෝට තේරුනෙත් නෑ.

    ReplyDelete