Thursday, May 28, 2015

සාහිත්‍යමය විවිධාංග තොරතුරු බ්ලොග් එකක් " මගේ කිචී "

විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව



විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව 




විද්‍යා උඹ විඳවපු තරම 
දකුණෙ අපිටත් දැනුනා
දෙමළ ලිඟු හින්දා උතුරෙ උඹ මියයද්දි
සිහළ ළිඟු හින්දා සිහළ නංගිලත් මැරුණා

උතුරු යෝනියෙ කැළැල් 
දකුණෙ ළිඟු දැක්කෙ නෑ
දකුණු යෝනියෙ කැළැල්
උතුරෙ ළිඟු දැක්කෙ නෑ

එහෙම දැක්කා නම්
ළිඟු කෙලින් වෙන් නෑ

යුද්ධයෙන් වේලිච්චි උතුරු යෝනියට
උතුරු ළිඟුවක් හතුරු කම් කෙරුවම
වේදනාවේ නිමක් නෑ
දකුණෙ ළිඟු ගැන කියල වැඩකුත් නෑ

උතුරු පෙමින් දකුණු යෝනිය තෙමෙන
දකුණු පෙමින් උතුරු යෝනිය තෙමෙන
ආදරෙන් ළිඟු කෙලින් වෙන
නොරිද්දෙන සුරාන්තයකින් අවසන් වන
දුෂණය නැති ප්‍රේමණීය සංසර්ග භූමියක් 
විය යුතුමය මේ දූෂිත දූපත


දකුණෙන් උඹ ගැන
අඩුවෙන් කවි ලියවුනාට
දකුණෙ හදවතුත් ඇඬුවා ඉඳහිට
ලංකාවෙ කෙල්ලෙක්ව මැරුව වේදනාවට
 
...........................
 
 පිවිසුම

No comments:

Post a Comment