Thursday, May 7, 2015

අළුත් සාහිත්‍යමය විවිධාංග හා තොරතුරු බ්ලොග් එකක් " කැලේට පිපුණු මල් "

බතාගේ විත්ති



බතාගේ කතාව
දැන් ඉහ නිකට පැහිච්ච සුදු සීයා කෙනෙක් වුනාට ඒ කාලෙ බතා මහ මොරංගානි වස එකාය....තමංගේ නංගිලා වූ ලතා හා කතා සමඟ ඔහුගේ බාලේ විස්තර අහං ඉන්නට වටිනවාය...
ඒ කාලයේ දැන් මෙන් එක පවුලක සිටියේ ළමයි එකා දෙන්නා නොවේ...එදා බතාගේ ඉස්කොලේ ළමයි අතර මෙහෙම කවියක් තිබුනාළු.

“අල්ලිසා ජොහා ජෝනා මැයියා
  වෙල්ලිස දවල් බත කා දොයියා“

මේ උදවියගෙන් අල්ලිසා හිටියේ බතාගේ පන්තියේය.ඉතිරි ළමයි සේරමත් පාසල් ආවෝය.ඔය කයිය කියමින් අල්ලිසා ඇවිස්සීම බතාගේ ලොකුම විනෝදාංශය විය.

බතාලා සෙල්ලම් කරන පිට්ටනිය තිබ්බේ කැලයකට මායිම්වය.එහි පිට්ටනිට පෙනෙන නොපෙනෙන මානයේ වූයේ අති විසාල දෙබරයකි...



“කූඩළු දෙහි ගෙඩියකින් ගැහුවොත් දෙබරේ වෙන තැනකට අරගෙන යනවාළු“ දවසක් මේක දිහා බලාගෙන එකෙක් කියපි.ගෙදරදී නංගිලා සමග ඉලක්කයට දෙබරයකට ගල් ගසා යස පාඩමක් ඉගෙන ගත් බතාට මේ සම්බන්ධව කටයුතු කිරීමේ නායකත්වය නිතරඟයෙන් හිමි වූයේ ඒ පලපුරුද්ද නිසාමය.එකෙක් කූඩළු දෙහි ගෙඩියත් ගෙන ඒමට පොරොන්දු අතර බතා එකෙක්ට රතු ලූණු ගෙඩි කිහිපයක් ගෙන ඒමට කිවුවේ අවදානමට පෙර සූදානමක් තිබිය යුතු නිසාවෙනි..

.........................................
පිවිසුම
http://wkwijeratna.blogspot.com/ 

1 comment:

  1. Jebać kurwa policje szmaty rucham psa jak sra i twoją amtke terz

    ReplyDelete