Wednesday, May 13, 2015

තවත් එක් ශාස්ත්‍රීය විචාර විවිධාංග බ්ලොග් එකක් "සංසරණී"

ආගමික වස්ත්‍ර සහ නිරාගමික නිරුවත -





සමාජය පිළිගන්නා
සියලු කායික ආවරණ ප්‍රතික්ෂේප කළ ආගමිකයෙක් සහ
ඔහුට වඳින පොලිස් නිලධාරිනියක්..

සමාජයේ පැවැත්මට උපකාර වන
ආගමික ක්‍රියාකාරකම්ද
වස්ත්‍ර මෙන් බැහැර කොට
නිදහසේ නිරුවතින් විසීම
නිරාගමික පිළිවෙතයි.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
තමාටත් සමාජයටත් හානිකර ලෙස හැසිරීම
සාමාන්‍ය පුදගලයාගේ ස්වභාවයයි.
මේ හැසිරීමට හේතුවෙන සියලු හේතු
බුදු දහමෙහි සවිස්තරව පෙන්වාදෙන අතර
තමන් දමනය කරගන්නට ක්‍රම තුනක්
දැක්වෙයි.

 ශීල 
තමා දමනය කර ගැනීම

සමාධි
සිත වෙන අරමුණකට යොමු කිරීම

ප්‍රඥා
තමා තුළ සිදු වෙන වෙනස්කම් පිළිබඳව
සමස්තයක් ලෙස සිහියෙන් වසමින්
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීම.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
හානිකර ලෙස හැසිරීමට ඍජු හේතු නොදැක්වුණත්
තමාටත් සමාජයටත් හානිකර නොවී
සාමයෙන් වෙසෙන්නට මග පෙන්වන්නට
සියලු ආගම් ක්‍රියා කරයි.
බුදු දහම හැර අනෙකුත් ආගම් වලද
බුදු දහමෙහි දැක්වෙන ක්‍රම වලින්
පළමු ක්‍රම දෙක වන
ශීලය සහ සමාධිය උපයෝගී වෙයි.

...........................................................................


පිවිසුම

3 comments:

  1. ඉතාම විටිනා යොමු කිරීමකි

    ReplyDelete
  2. අපේ සින්ඩිය හරහා බ්ලොග් පිටු හඳුනාගැනීම ගැන ස්තුතිවන්ත වෙමි

    ReplyDelete