Monday, March 23, 2015

අළුත් විවිධාංග විචාර බ්ලොග් එකක් "ගස් ලබ්බ"

'ලඹේ හොඳයිද මිස්?'

අළුත් මිස් කෙනෙක් සයිට් එකට එනවා කියන්නෙ PM ලොක්කගෙ ඉඳන් ලේබර් දක්වා හැමෝම සංතෝස වෙන දෙයක් කියල කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ගෑවිලා ඉන්න කෙනෙක් උනත් දන්න සුන්දර සත්‍යක්.
ස්ටාෆ් ඉන්න අය ගොඩක්ම ගණිත අංශයෙන් ඉගන ගත්ත අය නිසා කාන්තා ඇසුර සීමා උන පිරිසක් තමයි සයිට් එකක ඉන්නෙ.අනික උදේ ඉඳං රෑ වෙනකන් වැඩ කරලා රෑටත් අඩියක් ගහල එකමඩේශන් එකේ ඉන්නවා මිසක් ගෙදර යන්න ලැබෙන්නෙ මාසෙකට දවස් දෙක තුනක් නිසා මේවා පුරුෂ ගුහා වගේ වෙලා තියෙන්නෙ.
ඉතින් ට්‍රේනිං හරි ජොබ් එකට හරි අලුතෙන් 'මිස්' කෙනෙක් එනවා කියන්නෙ ඊටත් ලස්සන හැඩ කෙනෙක් එනවා කියන්නෙ සයිට් එකක් රී ෆ්‍රෙශ් වෙන අවස්ථාවක්.

එන 'මිස්' හොඳටම දන්නවා තමන් ට හෙන තැනක් මෙතන තියෙනවා කියලා.ඒක ඉතින් ඉගෙන ගන්න කාලෙම ඉඳන් අත්විඳින දේ නෙ.ඔය එන 'මිස්' ලගෙ ප්‍රධාන සෙට් දෙකක් ඉන්නවා.ඔෆිස් එකේ ගල් වෙන සහ සයිට් බහින තමයි ඒ.
ලොක්කො කැමති ඔෆිස් එකේ ගල් වෙන අයට.සොක්කො කැමති සයිට් බහින අයට.
හැබැයි ගොඩක් වෙලාවට සයිට් බහින්න වෙන්නෙ ට්‍රේනිං අයට තමයි.ජොබ් එකට එන අය ගොඩක් එන්නෙ ෆීල්ඩ් එකේ ටික කාලයක් ඉඳලා කොහොම හරි ඔෆිස් එකේ ගල් වෙන සූත්තර ටික දැනගෙන...............................


පිවිසුම
http://gaslabba.blogspot.com/ 

2 comments: