Friday, March 20, 2015

අළුත් තොරතුරු විවිධාංග බ්ලොග් පිටුවක් "දෙතිස් කතා"

ICC ක්‍රිකට් ලෝක කුසලානය 2015

නෙල්සන්හි Saxton Oval ක්‍රීඩාංගනය, අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟය, පෙබරවාරි 16
2011 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූයේ ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් අටයි ( පාකිස්ථානය [A1], ශ්‍රී ලංකාව [A2], ඔස්ට්‍රේලියාව [A3], නවසීලන්තය [A4], දකුණු අප්‍රිකාව [B1], ඉන්දියාව [B2], එංගලන්තය [B3], බටහිර ඉන්දීය කොදෙව් [B4] යන කණ්ඩායම් ). එම තරඟාවලිය පෙළ ගස්වා තිබුණේම එසේ වන අයුරිණි.

මෙවරත් සෑම දෙනාම බලාපොරොත්තු වූයේ එම කණ්ඩායම් අට ඊළඟ වටයට සුදුසුකම් ලබනු ඇතිය යන්නයි. 2011 දී කිසිදු කණ්ඩායමක් අපරාජිතව ඊළඟ වටයට ගියේ නැති මුත් මෙවර A සහ B යන කාණ්ඩ දෙකෙන් පිළිවෙලින් නවසීලන්තය සහ ඉන්දියාව අපරාජිතව දෙවන වටයට පිවිසෙන ලකුණු පෙනේ.












1 comment: