Wednesday, March 18, 2015

තවත් සාහිත්‍යමය රසවින්දනාත්මක බ්ලොග් එකක් "පරිවර්තන Parivarthana "

අවසන් යැදුම













බලකොටුවක් සේ දැඩි රැකවල් කළ
නිවසේ පවුරුවලින්
එක එක ළඟ සවිකළ දොරගුළුවල
සවිමත් ගාංචුවෙන්
තදින් වසාලූ දොරවල් පසුපස
තිබෙනා සිපිරි ගෙයින්
පාවී යන්නට මුදු ලෙස මා හට
අවසන ඉඩ හළ මැනව ඉතින්

මුදුබවේ යතුරෙන් දොරගුළු විවර කොට
කොඳුරා, දොරවල් හරිනු මැන ආත්මය
ඉඩ හළ මැනව මට පාව යන්නට පෙරට
නොනගා හඬක් ඉදින්

නොඉවසිල්ලෙන් තොරව,
මුදුබවින් යුක්තව,
ඉඩ හළ මැනව මට
පාව යන්නට පෙරට
(නැසෙන සුළු ශරීරය
බලවත්ය ඔබගේ බැඳුම
අහෝ! ප්‍රේමාදරය
බලවත්ය ඔබගේ බැඳුම)

 







-වෝල්ට් විට්මන් (1819-1892)

චිත්‍රය: අල්බ්‍රෙක්ට් ඩියුරර් 

පිවිසුම
http://nilukakadurugamuwa.blogspot.com/ 

No comments:

Post a Comment