Tuesday, March 10, 2015

රසවින්දන විවිධාංග බ්ලොග් පිටුවක් "වාසනාවන්තගේ අඩවිය"

- විල්ගේ ලෝක සවාරිය දෙවන දිගහැරුම -



අද එතන් සිට....

අපි යන්නේ අන්න අරකෙන් ....
බර්ඩි අත දික් කරලා වොල්ට්නට් ගහ පිටි පස්ස පෙන්නුවා.
විල් සහ හැරී එක පාරටම පැත්ත බැලුවා. ලොකුම ලොකු වොල්ට්නට් ගෙඩියක්....
විල් ගෙ ගෙදර තරම්ම ලොකු වොල්ට්නට් ගෙඩියක්....
මේක කොහෙන්ද හොයා ගත්තේ....
කොහෙන්වත් හොය ගත්තේ නෑ...
අර කුප්පියේ තියන මැජික් පස් වලින් තමයි මේක හැදුවේ...
මැජික් පස්....? විල් ඇස් දෙක පොඩි කරන් බර්ඩි දිහා බැලුවා....
මොන මැජික් පස් ....?
කොයි කුප්පියෙද....
ඔයාට මතකද අපිව දාපු අර පුන්චි කුප්පි ටික....බොබී බැරෑරුම් මුහුනකින් ඇහුවා...
ඔව්..ඉතින්....
කුප්පි වල තිබුනේ මැජික් පස්... පස් වලට පුලුවන් ඕනෙම දේකට පන දෙන්න...
පන දෙන්න විතරක් නෙමෙයි....ප්රමානයෙන් විශාල කරන්නත් පුලුවන්....
ඉතින් අපි පස් ටිකක් මේ ගහ යට තිබුන වොල්ට්නට් ගෙඩියක් උඩට දැම්මා.මේ තියෙන්නේ අපේ වොල්ට්නට් යානාව....

එතකොට අපි කොහොම මේකෙන් ලොකේ වටේ යන්නේ...මේකට රෝද හයි කරනවා ....?
හැරී කන් දෙක කෙලින් කරන් අමුතු විදිහට කටත් ඇරන් බොබ් ගෙ ඇහුවා...

ඒකට බොබ්ට කලින් පැනලා උත්තර දුන්නේ සෑම්....
අපි යන්නේ පියාබලා හැරි අපි යන්නේ පියාබලා....

පියාබලා.....හැරි ආයෙත් වතාවක් අමුතු විදිහට සෑම් දිහාත් වොල්ට්නට් ගෙඩිය දිහාත් දෙතුන් වතාවක් බැලුවා...කෝ කොහෙද මේකේ තටු තියෙන්නේ...

තටු...තටු තියෙන්නෙ මගෙ ලග...ඩෑන් කෑ ගැහුවා...
හැරියි විලුයි පැත්ත බලද්දි ඩෑන් පුන්චි ඩැන්ඩේලියන් මල් අහුරක් අතේ තියන් ඉන්නවා....
ඩැන්ඩේලියන් මල්.....හැරී හෙමිට මිමිනුවා.....
ප්රාර්තනා මල්....විල් හෙමින් තමන්ටම කියා ගත්තා...ඒත් කොහොමද මේවගෙන් අපි පියාබන්නේ…… මෙච්චර ලොකු වොල්ට්නට් ගෙඩියක්....විල් බැරෑරුම් විදිහට කල්පනා කරා....
විල්...බර්ඩි ආයෙත් වතාවක් කතා කරා....
බය වෙන්න එපා....අපි ලග මැජික් පස් ඉතුරු උන ඒවා තියනකම්....


පිවිසුම





No comments:

Post a Comment