Tuesday, March 10, 2015

දැනුම හා තොරතුරු පිළිබඳ වැදගත් බ්ලොග් පිටුවක් " THAKSHILAVA තක්ෂිලාව"

සිරිත් මල්දම sirith maldama

කුඩා දරුවන් අරමුණු කොටගෙන රචනා කරන ලද සිරිත් මල්දම ගෙන ඒමට අදහස් කරන ලද්දේ සිරිත් විරිත් අමතක කරමින් යන සමාජයක් ඉන් මුදවා ගැනීමට මෙම කෘතිය මහඟු පිටිවහලක් වන බැවිනි.එමෙන්ම මෙවැනි වටිනා කෘති ඉදිරියට අදට වඩා වටිනා බැවින්  ද සමාජ කතිකාවතක් සඳහා ද වන අරමුණින් මෙසේ මුලික උත්සාහය දරන වගයි.එම්.එල්.සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචනා කරන ලද මෙම කෘතිය ඉතා වටිනා ග්‍රන්ථයකි.

සිරිත් මල්දම ( 1 කොටස ) sirith maldama 


01. මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින

02. හොඳ ලෙස හැදීමට
හොඳ සිත ඕනෑ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදු වන්නෙ අපහට

03. නරක සිතකින් නම්
හොඳක් නොකළැකි කිසියම්
හොඳක් නොකළේ නම්
උපන් ගතියෙන් නැත පලක් නම්

04. පව් නම් නරක මය
එයින් දෙලොවෙහි දුක මය
පින් නම් උතුම් මය
එයින් දෙලොවෙහි මහත් සැප මය

05. තමන් පණ ලෙස හැම
සතුන් ගැන සළකා පෙම
ඔවුන් දුටු විලසම
කරන් ආදර ගුණය නොහැරම


පිවිසුම
http://thakshilava.blogspot.com/ 

No comments:

Post a Comment