Saturday, March 14, 2015

හඳුන්වාදෙන තොරතුරු සහ විවිධාංග බ්ලොග් පිටුව "සජ්ජාගේ පඩංගුව"

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ

"ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වී තම රටේ පුරවැසි භාවය ලබාගෙන ශ්‍රී ලංකාවට ම චියර් කරන මිනිසුන් ගැන ඕස්ට්‍රේලියාවේ දේශප්‍රේමී, දේශමාමක ජනතාවගේ ආකල්පය කෙබඳු වේද?" ෆේස් බුකියේ ලංකික ක්‍රිකට් කමිස ඇඳගත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රීලාංකිකයන් ක්‍රිකට් තරඟ නරඹමින් ලංකාවට චියර් කරන පිංතූර සහිත ලිපියක් දැක්කා. ඇත්තටම කල්පනා කරලා බලනකොට කතාවේ ඇත්තකුත් නැත්තේම නෑ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙවී එහෙ පහසුකම් ඔක්කොම භුක්තිවිඳින ගමන් ලංකාවට ආවඩන එවුං ගැන සුද්දන්ට පුදුම "මළක්" ඇත්තේ.


 කැප්ටන් ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාවට ගොඩ බැස්සට පස්සෙ ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත් උනා. මුල්ම කාලේ බ්‍රිතාන්‍යයෙන් ඔය වගේ යටත් කරගෙන කොලනි පිහිටවන්න තීරණය කරපු රටවල් වලට පදිංචිකාරයෝ විදියට ඒ රටවල් වලට "ඇණයක්" වෙච්ච මිනිස්සු ටික එව්ව කියල තමයි මම නං අහල තියෙන්නෙ. 11 වසරේදී අපේ සමාජ අධ්‍යයන මිස් නං කිව්වෙ ඔස්ට්‍රේලියාවට එව්වේ එංගලන්තේ හිටපු "පිස්සො" ටික කියලයි. සිම්බාබ්වේ වලට ගිහිං දැම්මේ එංගලන්තේ හිටපු "මිනීමරුවෝ, දාමරිකයෝ" ටික කියලයි. කතාවේ ඇත්ත නැත්ත දන්නෙ නැති උනත් ඒ ගැන හිතනකොට එකේ අත්තක් නැත්තේම නෑ කියලත් හිතෙනවා. ඒ වගේ පාළු  නොදන්න රටක මුල් පදිංචිකාරයෝ විදියට  ජීවත් වෙන්න යන්නෙ, ඉන්න තැන් වල යමක් කරගන්න බැරි "ආතක් පාතක්  නැති" එවුං තමයි බොහෝ වෙලාවට.

 ව්‍යාපාරික අරමුණු , නව ගවේෂණය සහ වාසනාව උරගා බැලීමේ අදහසින් යන උදවියත් ඉන්නවා තමයි. ඒත් ඔය ආක්‍රමණ කාරයෝ ආපුවම උන් ස්වදේශිකයන්ට කෲර විදියට සලකන්නේ බොහෝ වෙලාවට ආක්‍රමණිකයා "අර ජාතියේ" එකෙක් උනාමයි. මොකද සුද්දෝ කියන්නෙ අපි දැන් දන්න විදියට නරක ජාතියක් නෙවෙයි. ඒත් ලංකාවට ආපු සුද්දො ගැන ඒ කාලේ ඉඳන්ම තියෙන්නෙ එච්චර හොඳ ආකල්පයක් නෙවෙයි. තමන් මස් කනකොට ගෙදර බල්ලටත් "කටු කෑල්ල හම්බවෙනවා වගේ" එංගලන්තෙන් එව්ව උන් ඉන්න රටවල් වලට සෑහෙන තරමේ පහසුකම් මව් රටෙන් ලැබුනා. ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ "අලුත් ලෝක" වල තිබුන ස්වභාවික සම්පත් උන්ට නිධානයක් වගේ උනා. භූමිය, ස්වභාවික සම්පත් ඇතිවෙන්න තියන රටට අවශ්‍ය උනේ මිනිස් සම්පත. එංගලන්තෙන් ඉල්ලගෙන කාපු, සුද්දෝ දම්මල සුද්දකරපු,ඔස්ට්‍රේලියාව ධන උල්පතක් වෙන්න පටන් ගත්ත.
පිවිසුම

1 comment: