Saturday, August 1, 2015

කාලීන සිදුවීම් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් පිටුවක් " දේශකයා "

වැස්ස...!! (Is it going to rain?)

උදේ වරුවේ ඉතා සිහින් වැහි පොදක් වැටී තැනින් තැන තෙමුන තාර පාරේ මා වෙනදා මෙන්ම ඇවිදිමින් සිටියෙමි. ලෝකය පුරාම මේ වෙලාවට සිදුවන හැමදේම ඒකාකාර යැයි සිතෙන තරමටම පාර තොටේ හමුවන, ඇස ගැටෙන හැම දෙයම ඒකාකාරී වී ඇත. එලෙසම මාද, ජිවිතයේ යම් ඒකාකාර බවක සිරව ඇති බවක් දැනී හදවත තුල නැගුණු වියලි සුසුමක් එක් වරම මගේ ජිවිතය මහා පාලු ලෝකයක් බව ඒත්තු ගන්වන්නට විය. දස දෙසින් ඇසුන නොයෙකුත් ශබ්දයන් කර්ණ පටලය තුලින් මොලයට ඇතුල් වුවද, මොළය තුල ශබ්දවාරක තරංගයක් ක්‍රියාත්මක වන තරමට මා තුල නිශ්ශබ්දතාවයක් තිබිණි. එහෙත් පිටතින් ඇසෙන ශබ්ද අබිබවා යන තරමේ මහා ගාලගෝට්ටියක් මගේ හිත තුල නිතරම පැන නැගෙන බව මා දැන සිටියෙමි. එය අවසන් වන්නේ නින්දට යන විට පමණක් බව සිතුවද, නින්දේදිද විටින් විට ඇහැරෙන්නේ මේ ගාලගෝට්ටිය නිසාම බවද මම දැන සිටියෙමි. කිසිවෙකුගේ හෝ අනුකම්පාවක්, පිළිගැනීමක් නොපැතු මම, හිත තුලම ගුලිව තනිව වාසය කරන්නට බොහෝ සේ කැමතිව සිටියෙමි.

එහෙත් මාගේ ඒකීය ලෝකය, අලුතින් ලැබුන රැකියාව නිසා වරින් වර මගෙන් පලා යන ආකාරය පුදුමයෙන් සේ මා බලා සිටියෙමි. දුරකට යාමට නොදී නැවතත් එය ඇදගෙන ගොස් බොටුවෙන් අල්ලා මගේ ඒකීය පාලු ලෝකය තුලම සිර කරන්නට මා දැරූ තත් විටෙක නිශ්පල විය. කිසිවෙකුගේ කිංකිණියකට, මුව පුරා පැතිරෙන සිනහවකට, හැක හැකයකට, ශබ්ද පිරුණු දෙතුන් දෙනෙකුගේ සමාගමයකට, කාර්යාලය තුලදි මගේ සිත තව දුරටත් මට වහල් නොවන බව තේරුම් යාමෙන් ඊට ඉඩහසර නිරායාසයෙන්ම සලසා දීමට මා හට සිදු විය. වතුරේ ඔබා පාගාගෙන සිටි රබර් බෝලයක් මතු පිටට පැමිණිමට දරණ වෙහෙසට සමාන වෙහෙසක් දරමින් මගේ තනිකම, පාලුව මගෙන් පලා ගොස් කොතැනක හෝ සිට මටම විරිත්තන විට දැනෙන කටුක වේදනාව, විටෙක සතුටක්ද, නැතහොත් සිහින්ව පාරන සිතුවිල්ලක්ද යන්න හදුනා ගත නොහැකිව මා ලත විය.
.........................................

පිවිසුම
http://deshakaya.blogspot.com/

2 comments:

  1. (තනිකම තනි නොතනිය ) (විඳවීම විඳිල්ල ) (ජීවිතය මියයාම ) ( ආදරය රාගය ) අතර දෝලනය වන අපේ ජීවිත .... හරිම අගේට ලියල සුබ පැතුම්

    ReplyDelete
  2. දේශකයා කියන්නේ බොහොම පළපුරුදු අැති බ්ලොග්කරුවෙක්.... ඔහුට දිගු ගමනක් යන්න හැකියාව ලැබේවා......

    ReplyDelete