Friday, July 31, 2015

සාහිත්‍ය කලා විචාර හා රසවින්දනාත්මක බ්ලොග් එකක් " සඳුන් සෙවණ "

මිනිසුනේ මේ අසන්න.......


මා හට දැනුම් තේරැම් ඇති වයසේ සිට ශ්රී ලංකාවේ මා හොඳින් අසා ඇති " ද අල්විස්ලා" තිදෙනෙකු වූහ. ඉන් එක් අයෙකු වූයේ දේශපාලනය නිසා ප්රසිද්ධියට පත් ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. දෙවැනි අල්විස් මා තදින්ම ඇලුම් කළ මගේ ලෝකයේ වීරයන් අතර ඉහළින්ම ජීවත්වූ එහෙත් දේශපාලනය විසින් ඉතාමත්ම අඩු වයසින් අපට අහිමි කළ කවියකු, ගේයපද රචකයකු, නිවේදකයකු හා මාධ්යවේදියෙකුද වූ ප්රේමකීර්ති ද අල්විස් මහතාය. 

තුන්වැනි ද අල්විස්ද ගුවන්විදුලියටම සම්බන්ධව, එහි අවුරැදු තිස් දෙකක් පුරා විවිධ තනතුරැ හොබවමින් සේවය කළ අති විශිෂ්ට හා ප්රවීණ ගේය පද රචකයෙකි. 

ඒ 1978 වසරේ එක්තරා දිනයකි. මා මේ කියන තුන්වැනි " ද අල්විස්" මහතා ගුවන්විදුලියේ සුපුරැදු පරිදි තම සේවයේ නිරතවෙමින් උන්නේය. වෙනදාට වඩා මදක් රාජකාරි බහුලවූ එදින එතුමා තම මේසය මතවූ දුරකථන දෙකින් එකකින් කුමක්දෝ වැදගත් වැඩක් කවුරැන් හෝ සමඟ සාකච්ඡාකරමින් පසුවිය. 
................................
 
පිවිසුම

No comments:

Post a Comment