Friday, August 14, 2015

තවත් කලා සාහිත්‍යමය රසවින්දන බ්ලොග් එකක් " mini කවි "

ප්‍රේමය විවෘත කර

කල් පනින්නට පෙරාතුව 
ප්‍රේමය
විවෘත කර සුවද
විදගත යුතුය...

අත්ලෙන් ලිස්සා නොයාමට
විලංගුලා
හදේ ගැඹුරක 
තැම්පත් කලයුතුය...

අතේ රේඛා කියැවුමට
තදින් ම
ඔබ සුරත
අල්ලා ගතයුතුය...

දුර ගමනක ඇරඹුමට
පෙරාතුව
ඔබ විසින්
පොරොන්දු දියයුතුය...
.................................
 
පිවිසුම

No comments:

Post a Comment