Tuesday, May 24, 2016

සාහිත්‍ය කලා රස වින්දනය ගෙනෙන අළුත්ම බ්ලොග් පිටුවක් " මම එරන්දී... I'm Erandi "

අවජාතක දුවකගේ කතාව

අවජාතක දුවකගේ කතාව 


ඉතිං මම ලියමී ජීවිතය ඉඩකඩ සොයා වෙහෙසුන අසන්නකු හමු නොවූ ඔබේ කථාව.........
පස්මහ බැළුම් නොබලාම පිලිසිදී සුළං කෝඩයට නතුව තැළුණු දෑසමන් මල් කදුළකින්  ඉපැදුණ රළු අහසක  "අරුන්දතී "
ඔබට කියන්නට කථාවක් තිබුණද අසන්නට ආසහිතෙන කථාවක් මා නමින් ලියන්නට අමතකව ගිය අම්මේ.........!!
කටු පැදුරු ඇහැරී බලං උන්නා මා පෙළන්නට යව්ල් සේ උල්වී    දෙපා ගල්වී හදවතේ දුක ඇහි දාර ඉරුවත්  තරහ නෑ මං අම්මේ.....
පියෙකු නැතිව අතරමං වීමං මුලාවන පාර කියා දී මං හැරදා ඔබ ගිය මුත් තාත්තේ  
සොයුරුදම් සගවා තනිව දුක්ගිනි ලොදියේ මං ගිලුණා 
මං මියැදිලා දුවෙකුට - පියෙක්දං දුන්නා......
නුඹට වැරදුණ පාර දුටුවෙමී දුර ඉදං ඉං පලා ආවේමී  
අම්මේ......
තිත්ත කාඩිය එක උගුරකට බී "කිරිය" මං ගම රටට බෙදුවා.....
මලෙන් නූපන් පතිනිමුත් මං සළඹ ගෙන නුවරිනුත් ආවා......
ඉතිං මම  දුක සැප සම සමවගෙන එක පතට සිද සුවපත් වන්ට බීවා ජීවිතේ..........
වරද වරදය අළුයට ගිණි පුපුරුමය 
අම්මේ......
ජිවිතේ ගග සිදී යන්නට බවුන් වඩමුද 
අම්මේ..........
නිරා ගින්නේ කුමට දැවෙනු ද එගොඩ වෙයන් නුඹ 
අම්මේ......
 

................................................

පිවිසුම
 https://buddhikaerandijayasinghe.blogspot.com/

ඔබ මට කී "ඔබේ ජිවිත කථාව" 
මම එරන්දී


ඔබ මට කී "ඔබේ ජිවිත කථාව" 
මම එරන්දී

1 comment: