Tuesday, May 10, 2016

කාර් ගැන විශේෂයෙන් උනන්දු වෙන අයට කාර් බ්ලොග් එකක් " කාර් පිස්සුව "

මගේ දෙවෙනි ෆොක්ස්වැගන් බීට්ල් ප්‍රොජෙක්ට් එක



ප්‍රොජෙක්ට් ෆොටෝස්වලටකවදත් කාර් පිස්සෝ අතර ලොකු ඉල්ලුමක් තියනවා. වාහනයක් අලුත් පණක් ලබනවා දකින එක අපි කාටත් ලොකු සතුටක්. අද මම පෝස්ට් කරන්නේ මගේ 9 ශ්‍රී 5333 කාර් එකේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර. මේ කාර් එක තමයි දැනට මම මගේ එදිනෙදා වාහනේ හැටියට පාවිච්චි කරන්නේ. ළඟට, දුරට වගේම බීට්ල් හිමිකරුවන්ගේ සංගමේ වැඩසටහන්වලටත් මමත් මගේ බිරිඳත් යන්නේ මේකේ.

මම මේ කාර් එකේ ලියාපදිංචි අයිතිකාරයා. මම මේක ගත්තේ මීට කලින් මේක අවුරුදු 6 ක් තමන්ගේ ප්‍රධාන වාහනය හැටියට පාවිච්චි කරපු කෙනෙක්ගෙන්. වාහනේ තියෙන්නේ ඔරිජිනල් එන්ජිම සහ චැසිය. ගන්නකොට ගැටලුවකට තිබුණේ පේන්ට් එක සැලකිය යුතු දුරකට අප්සට් වෙලා තිබීම විතරයි. නමුත් ටිකක් කල් දුවනකොට වාහනේ තෙල් ලීක් එකක් ආවා. එතකොටත් අපි වාහනේට ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තිබුණු නිසා අපි එන්ජිම overhaul කරන්න තීරණය කළා. එන්ජිමට අවශ්‍ය සියලුම කොටස් ගත්තේ ලංකාවෙන්. හොයාගන්න කිසිම ගැටලුවක් වුණේ නැහැ. අලුත්ම අලුත් 1600 පිස්ටන් සහ සිලින්ඩර් සෙට් එකක් එක්ක සියලුම දේවල් අලුතින් දාලා අපි එන්ජිම හැදුවා. ඊට පස්සේ වෙනස් විදිහේ two tone පේන්ට් එකකට ගියා.

පල්ලෙහා තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ පින්තූර කීපයක්. එන්ජිම හදන ඒවා ගැනකවුරුවත් එච්චරම උනන්දුවක් නැති නිසා පේන්ට් එකේ පින්තූර විතරයි දාන්නේ.

........................................................ 

පිවිසුම
http://carpissuwa.blogspot.com/

No comments:

Post a Comment