Tuesday, May 3, 2016

සාහිත්‍යමය කලා රසවින්දනය සමග තොරතුරු විචාර අප වෙත ගෙනෙන බ්ලොග් එකක් " නොතිවු තිත "

සුනීතව...












සුනීතව
වසුරු කඳ දරා
ඔබ පෙරමගට
පැමිණෙමි

දුගඳයි, ජුගුප්සාජනකයි
කියා නොඉල්ලමි සමාව
අසුභ දසුනක් මවතැයි
කානුවකට පැන 
නොසැගවෙන්නෙමි

මෙමග  ඔබ සතු උවද
අන් මගක් කෝ? මට

ඔව් යලි යලිත් 
මුන ගැහෙනු ඇත මම
ඉවසා වැදෑරිය යුතුමය
මේ දුක්ඛ දුර්ගණ්ධ
මට මෙන්ම 
අන් මගක් කෝ ඔබටද?

සන්වෙගයෙන් දන්වමි
දෙදෙනෙකුට අයිති බව
මගේ උර රැදි වසුරු කඳ
................................
 
පිවිසුම
 

No comments:

Post a Comment