Sunday, May 15, 2016

සංගීතමය රසවින්දනය සඳහා විශේෂ වූ අපූරු බ්ලොග් පිටුවක් " තීර්ථය "

තීර්ථය වැඩසටහන හඳුන්වාදීමේ රූපවාහිනී සංවාදය - ජාතික රූපවාහිනිය නුග සෙවණ වැඩසටහන

"අපේ පාසල් වියේ, සරසවි කාලයේ ගීතය, සංගීතය කොහොමද අපේ ජීවිතවලට බලපෑම් කළේ, අපි කොහොමද ගීතය වින්දෙ කියල අපි කතාබහ කළා. අපි ගීතය එක්ක ආදරය කළා. ගීතය එක්ක විරහව වින්දා. ගීතය එක්ක ජීවිතය වින්දා. ක්ෂණික ආවේග, ප්‍රචණ්ඩකාරී හැසිරීම් වගේ දේවල් අපේ ජීවිතවලින් ඈත් කරන්න ගී රස වින්දනයෙන් ලැබුණු ශික්ෂණයත්, සංයමයත් අපිට උදව් වුණා. අද අලුත් පරම්පරාවට ඒ අත්දැකීම ලැබෙනවද කියන ප්‍රශ්නය මේ සංවාදයෙදි මතුවුණා.”
"ඒ වගේම ගීතයෙන් සමාජ වගකීමක් ඉටුකරන්නෙ කොහොමද කියල අපි අත්දැක්කා. ඒ අවස්ථාව අද පරපුරට ලබාදෙන්නෙ කොහොමද කියන සාකච්ඡාවෙදි මේ වගේ වැඩසටහනක් කරන්න ලැබුණොත් ඒක අද ටත්, හෙටටත් ලොකු සේවයක් වේවි කියල හිතුණා. අපේ වගකීමක් යුතුකමක් ඉෂ්ට කිරීමක් වගේ හැඟීමක් දැනුණා"   ‘‘ඒ වගේම 70, 80 දශකයන්වල නිර්මාණය වුණ අර්ථවත්, රසවත් කලා නිර්මාණ රසවිඳීමේ භාග්‍යය ලැබුණු පරපුරක් අපි. විශේෂයෙන්ම ගීතය අපේ ජීවිතවලට ගොඩක් සමීපවුණා. අද තරුණ පරපුරට ඒ අවස්ථාව අහිමිවෙලා තියෙනවා. අද සියල්ල තීරණය වෙන්නෙ මුදල මත. ගීතය වුණත් වෙළඳ භාණ්ඩයක්. එහි සාහිත්‍යමය, සංගීතමය, සමාජමය අර්ථයට වඩා මතුවෙන්නෙ වාණිජ වටිනාකම. අසංවේදී සමාජයක් බිහිවෙන්න සාහිත්‍ය කලාවේ මේ පිරිහීමත් බලපානව කියල අපි හිතනවා. ඒ නිසා සමාජ යහපත වෙනුවෙන් යම් දායකත්වයක් අපෙනුත් ලැබිය යුතුයි කියල අපි විශ්වාස කරනවා. මේ කරුණු තමයි සුභාවිත ගී වැඩසටහනක් කරන්න අපිව යොමුකරන්නෙ.”
.........................................................

පිවිසුම
http://www.theerthaya.info/ 

No comments:

Post a Comment