Wednesday, February 3, 2016

කාලීන සිදුවීම් විචාර සමග විශේෂාංග රැගත් අළුත් විවිධාංග බ්ලොග් එකක් " අඩව්ව බy රස්තියාදුකාරයා "

යහපාලනයෙන් හෙම්බත් වි ඇත

යහපාලනයට දැන් වසරත් ගෙවි ඇත,කොහොම නමුත් අද රට පාලනය කරන්නේ මහින්ද නොවන බව විටෙක සිරිසේනට අමතක වි ඇත ඔහු තාමත් වැඩ කරන්නේ ජනාධිපති පුටුව මහින්දට තබාය,එහෙයින් ලංකාවේ දැන් ජනාධිපති මහින්ද හෝ රනිල් නොව තමා බව සිරිසේන ජනාධිපතිතුමන් තමාටම පසක් කර ගත යුතු කාලය මේය බව රස්තියාදුකාරයාගේ අදහසයි අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැත,හදිසියේ හැටියට නම් ඌ දැනටමත් ඉස්තාලය පැන යාමට පිඹුරුපත් සකසා හමාරය,
            මිට වසරකට උඩදි සිරිසේන මහත්තයා ලබාගත් ජයග්‍රහණය කවුරු කෙසේ කිවත් සුළු පටු නැත එය ඓතිහාසික ජයග්‍රහණයක් වන්නේ පළවෙනි වතාවට ජනාධිපතිවරයෙක් ගෙදර යැවු නිසාම නොවේ,එම ජයග්‍රහණය ලබාගත්තේ මහින්ද රාජපක්ෂට එරෙහිව නිසාය,චන්ද්‍රිකා මහින්දට අගමැතිකම දෙන විට මහින්දට වඩා මිනිසුන් අතර සිරිසේන,මංගල නමක් හදාගෙන සිටියේය,නමුත් අවසානයේ අගමැති පුටුව කැරකුනේ මහින්දටය,අගමැති පුටුවෙන් ඉහලට ගිය මහින්ද ජනාධිපති වි අවසානයේ නතර වුයේ රජ පුටුවේය,
            අද සිරිසේන පක්ෂ නායකකම ගත් ආකාරය ගැන ප්‍රශ්න කරන මහින්ද වාදින්ට එදා මහින්ද චන්ද්‍රිකාව දේශපාලනයෙන් එලවු හැටි අමතක හැටි පුදුමය,නමුත් මහින්ද තාම යහතින් දේශපාලනය කරයි,ඔහුගේ වේදිකා කවුරුත් ගිනි තියන්නේ නැත,කතා කරන විට කරන්ට් කපන්නේ ද නැත,යොෂිත වෙනුවෙන් කදුලු හෙලන මහින්දට,ප්‍රදිප් එකනැලිගොඩ දරුවන්ගේ කදුලු විහිළුවක් විය,අද නිතිය සාධාරණත්වය ගැන කතා කරන මහින්ද ෆොන්සේකාව හිරේ දැම්මේ කුමන චොදනාව යටතේද යන්න සොයා බැලිම වටි,මහින්ද එතකින් නැවතුනා නොවේ අවසනයේ අගවිනිසුරුවරියවද ඉවත් කලේය,මහින්දගේ කාලයේ පැවතුනේ වෙනස් නිතිය එකල මුලින්ම හිරේ දමා පසුව චොදනාව සාකච්චා කර තිරණය කරයි මේවා අපුරු ප්‍රමේයන්ය,
              රස්තියාදුකාරයා මේ කතාකරන්නේ මහින්ද යුගය ගැන නොවේ එවා දැන් පරණ කතාය,ඇතැම්විට මහින්දගේ මල් පොහොට්ටුව පළාත්සභාවට වැඩ කලොත් යලිත් ඉතිහාසය අළුත් විමට ඉඩ ඇත,එ ගැන දැන්ම පැවසිමට කල් වැඩිය,නමුත් යහපාලනය ගැන කතා කල යුතුව ඇත ඉස්සෙල්ලා කියුවත් වගේ සිරිසේන මහත්තයාට තාම ජනාධිපති පුටුව අමතක වි ඇත,ජනාධිපති කැල්ල නමෙන් හැලෙන්නට කලින් තමන් ජනාධිපති බව සිරිසේන මහත්තයාට මතක් වුවේ නම් යෙහෙකි,
............................................................

පිවිසුම
http://adauwwaby.blogspot.com/ 

4 comments:

  1. රස්ති සුපිරිම වැඩ්ඩෙක් නොව.. ඉදිරියට කොහොම හිටීයැ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝ,ඇත්තටම සහොලගෙන් ලැබෙන සහයොගේ වචන වලින් විස්තර කරන්න බැ සහෝ,
      ජයෙන් ජය

      Delete
  2. දේශපාලය ගැන නොදනී එහෙත් තාක්ෂනය ගැන දනිමි.හෙනම් මගේ එක පැත්තෙත් එන්නකෝ පරිගණක තාක්ෂණයේ මෘදුකාංග නිවස topnetsystem.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එ පැත්තට එන්නම් සහෝ,ජයෙන් ජය

      Delete