Monday, February 1, 2016

අළුත් සාහිත්‍යමය කලා රස වින්දන බ්ලොග් පිටුවක් " කෙටිකතා එක්ක කවි "

ගියා වාගෙම එන්න...!


අනේ අර අතන ඇති
කිහිලිවාරුව ගන්න
මං නිදන බූරු ඇඳ
ළඟින් එය රඳවන්න
පොඩි එකී පංපැදුරෙ
හාමතේ නිදි ඔන්න
කිරි නැහැනෙ-කහට තේ
හදල තියලා යන්න...

ඔය මූණෙ වැඩි පුයර
එන්න පිසදාලන්න
මා ළඟින් ඉඳගන්න
ඔය සුවඳ විඳගන්න
උදේ ආ විලසින්ම
හිස් අතින් නොම එන්න
රාග නෙත් ගිනි ගන්න
මහ මගටවත් යන්න...
 
...........................
 
පිවිසුම

No comments:

Post a Comment