Monday, February 22, 2016

සාහිත්‍යමය රසවින්දනය පිරි විවිධාංග බ්ලොග් එකක් " මෙතූගේ බොලොග් කොටය "

මල් වැස්ස


හෙමින් සීරුවේ මං සුසුමක් හෙලුවා . නෑ. ඒ සුසුම ඉබේම පිටවුණා කිව්වොත් හරි. 

"මොකද මැට්ටියෙ මේ සුසුම් හෙලන්නෙ? යකෝ වෙන එවුං සතුටට හිනාවෙනවා. මේකි සුසුම් හෙලනවා."

"හා හා ඕකිට මුකුත් කියන්න එපා බං. ඔය සැනසුම් සුසුම් ."

"ආයෙත්  අහලා. ඇයි බං මේකි දවසක් කවියක් ලියලා තිබුණේ .  අදහනු බෑ. මේ සමනොළ පිස එන මුදු මඳ පවනද ඔබේ සුවඳ ගෙන මා හද කුටියට O2 සපයන්නේ කියලා . බලාගෙන සුවඳ ටික එළියට යයි."

වෙනදාට මිතුරියන්ගේ කවටකම් වලට නොපරදින මගේ හඬ අද ගොළු වෙලා. පුංචි හිනාවක් විතරක් මූණෙ ඇඳෙන්න ඇති. මගේ හීන අතර කවදාවත් නොතිබුණු , ඒත් පණ ගැහෙන සාමාන්‍ය මනුස්ස දුවක්  විදිහට මං හැමදාම දකින්න ආස කරපු හීනයක් තිබුණා.  තඹ පාට වලාකුළු රන්වන් පැහැ සැන්ඳෑ අහසේ රටා මවනකොට ,කවදාවත් ගිහිං තිබුණේ නැති නොදන්නා මාවතක, උණුසුම් අතක් අල්ලගෙන,  මුකුත්ම කතා නොකර ඔහේ ඇවිදගෙන යන්න ...... ඒ මාවත දෙපස මැයි ගස්වල මල් පිපිලා තිබුණොත් හොඳයි කියලත් මං හිතුවා . හදිසියේ හමන සුළඟකින් ඒ මල් නටු වලින් ගිලිහිලා අපට මල් වැස්සක තෙමෙන්න තිබුණා නම්.....
........................................................
 
පිවිසුම

No comments:

Post a Comment