Wednesday, February 24, 2016

කලා රසවින්දන සමග විචාර විවිධාංග බ්ලොග් පිටුවක් " Destiny and Life "

ලඳකගේ වෙන්වීම...











 
සිංහ මුව දොර
මුර මඬල රැක
සිටින ගොම්මන අඳුරු යාමෙහි
සරා පුර සඳ පෑයු සේ ඔබේ
මුවඟ සිරි එළි වැටී දිලුනෙහි...

පෑයු සඳ සිරි
සිංහ ලෙන් මත
දිදුල එළියෙන් දිව්‍ය ලෝ තල
ඔබේ රෂ්මිය වැදී මත් වී
රජුන් සැල විය ඔබ ලබන්නට...

දුහුල් සළු පිළි
රත්න මුතු වැල්
ගතෙහි පළඳා සරසවා සිරි
කැඳව අස් රිය පෙරහැරින් ඔබ
රැගෙන එන සැටි මා දසුන් විය...

...........................................

පිවිසුම
http://destinyu.blogspot.com/

No comments:

Post a Comment