Friday, February 26, 2016

රසවින්දන විචාර විවිධාංග සමග විශේෂාංග රැගත් බ්ලොග් පිටුවක් " api thopi "

චානකගේ ආදර කතාව 1


ඔන්න මම අද බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ආදර කතාවක් ලියන්න කියලා සුජානම. කොහොම කෙසේ පටන් ගන්නද? ආදර කතාවක්. ආදරය ගැන ගොඩක් අය එක එක දේවල් කියලා තියනවා. ආදරය කියන්නේ  හදවතට දැනෙන දේ වලින් ගොඩක් බලවත් දෙයක්. ඔහේලට කියන්න මටම කියලා තාම ආදර කතාවක් නැති නිසා වෙන කොල්ලෙක්ගේ ආදර කතාවක් ලියන්න හිතුවා. බණ්ඩාරවෙල සුන්දර උදයක කතාව කොටන්න පටන් ගන්න සුජානම.

අපේ ඉස්කෝලේ චානක කියල යාලුවෙක් හිටියා. චානක මාත් එක්ක ඒ කාලේ පටන් ඉතාම හොද යාලුවෙක් උනා. එත් අපි දෙන්නා අතර තිබුන යාළුකම ගොඩක් වැඩි උනේ උසස් පෙළ 2 පාර කරාටත් පස්සේ. චානක ගැන යමක් කිව යුතුය. චානක යනු ඉතාම හොද මිතුරෙක්, fun එකේ ඉන්න කැමැති, ටිකක් විතර ලස්සන ගැන හිතන, සංවේදී, කොල්ලන්ට love වලට බොක්කෙන් උදවි කරනකියන්න ඕනි දෙය මූණටම කියන එළකිරි කොල්ලෙක්.

අපි උසස් පෙළ එහෙම කරලා කඩ්ඩ පොලිෂ් කරගන්න කියල කඩ්ඩ පන්තියක් හෙව්වා.campus යනකොට කඩ්ඩ අනිවා ඕනි නිසා කඩ්ඩ ගොඩ දා ගන්න ඕනිම කියන තැන අපි හිටියා. අපේ නගරයේ නමක් දිනාගෙන තිබුන පන්තියක් අපි තෝරා ගත්තා.
.......................................................


පිවිසුම
http://apithopi.blogspot.com/ 

1 comment: