Tuesday, January 26, 2016

හොල්මන් කතා සමග අළුත්ම රසවින්දන විවිධාංග බ්ලොග් එකක් " කැරකෝප්පුව "

කැරකෝපුව ගෙන පොඩියට & එම්බාම් කිරීම

කැරකෝප්පුව

කැරකෝප්පුව කියලා නම දැම්මේ හොල්මන් කතා ටිකක් තියෙනවා ඒ ටික ලියලා දාන්න. හොල්මන් කතා තිබුණු අඩවි ගණනාවක් දැන් අප්ඩේට් වෙන්නෑ. දැන් හොල්මන් කතාවලටම කියලා තියෙන්නේ අඩවි කිහිපයක් පමනි. ඒවාත් මේ අවුරුද්දේ තාම කිසිම පෝස්ට් එකක් පලවෙලා නැහැ(මම දන්න තරමින්) 
මම ගොඩක් කැමති හොල්මන් කතාවලට ඒකනිසා තමයි මේ වගේ එකක් මටත් හදාගන්න ඕන කියලා හිතුවේ..
මමත් තාම කතා හොයනවා හොය හොය තමයි පෝස්ට් කරන්න වෙන්නේ. මම දන්න කතා ටිකයි තියෙන්නේ..හැබැයි අදනම් පෝස්ට් එකක් දාන්න වෙන්නේ නම්...
හොල්මන් ගෙන විස්තර කරන්න ඉස්සර වෙලා එම්බාම් කිරීම ගැන පොඩ්ඩක් විස්තර කරන්න හිතුවා...මනුස්සයෙක් මැරුණට පස්සේ මල් ශාලාවේ ගෙදර තමයි එම්බාම් කරන්නේ. මේ කියන්න යන්නේ මල් ශාලාවේ කරන විදිය.මල් ශාලාවට ගෙනාවට ගෙනාවට පස්සේ මල් ශාලාවේ තියෙන විශේෂ මැශින් එකක තියෙන බටයක් මිනියේ යටි පතුලේ හයි කරන්නේ කකුලේ තියෙන ප්‍රධාන ශිරාවකට ඊට පස්සේ අර මැශින් එක දානවා එතකොට එකේ තියෙන පවර් එකට ශිරාව දිගේ ඇගේ තියෙන කැටි ගැහැච්ච ලේ ඔක්කොම ඇදිලා එනවා.ඊට පස්සේ හොදට නාවනවා.නෑව්වට පස්සේ මිනියේ මුලු ඇගටම ක්ලෝරෆෝම් ස්ප්‍රේ කරනවා.ඉන් පසුව මිනිය වේලෙන්න කලින් ටිෂූ එකක් වගේ කොලයක් අලවනවා. ක්ලෝරෆෝම් වේලුනාට පස්සේ එතන කොලයක් තියෙනවද කියලා පේන්නෑ.ඒ කොලේ විනිවිද පේන්න ගන්නවා.ඊට පස්සේ ඇදුම් අන්දලා ඇදුම ටින්ටස් ඇන වලින් හයි කරනවා.මම කියනදේ ගැන පොඩි හරි සැකයක් තියෙනවනම් මල ගෙදරකට ගිහිල්ලා මිනියේ මූන ටිකක් නියපොත්තකින් හූරලා බලන්න.

ප.ලි.
•මල ගෙදරට ආපු මිනිස්සු ඔබ පිස්සෙක් කියලා ගල් ගසා එලෙව්වට වග කියන්නේ නැත(මිනියේ මූන සීරීමට ගොස්)
•එම්බාම් කිරීම ඔක්කොම දැකලා නෑ.සමහර කරුනු අසා දැනගෙන ඇති කරුනුත් ඇතුලත් කර ඇති බවද සලකන්න 





......................................................

පිවිසුම

5 comments:

  1. ටැංකුයි අජිත් අයියේ..

    මීට ඊරියකා.)

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න දිගටම අර හොල්මන් කතා එහෙමත් දාන්න. ජයවේවා එහෙනම්!

      Delete
    2. ඔන්න අද දැම්මා එකක්.

      Delete
  2. අනිවාර්යෙන් ගොඩක් හොද අදහසක් සහො,ඔබට ජයෙන් ජය

    ReplyDelete