කෝ කලාව
විටක හෑම වස්තුවක්ම කලු ඉගිරියාවට අසු වෙද්දිත්,තවත් විටක හෑම දෙයක්ම නොපෙනී වැසී යද්දිත් බලා හුන් අත බලා උන්න නම් ආදි මානවයා අද මේ පවතින කොන්ටම් පිසික්ස් යුගය සාරා සංකෙයිය කප් ලක්ෂයක් දුර වීම අමුතු කතාවක් වෙන්නෙ නම් නැති වග සිකුරුයි. නාමිකව පවා හදුනා නොගත් යුගයක මේ අභූත වෙනස් වීම ඔවුන් කෙසේ බාර ගත්තත් කුහුල නම් වූ ආයුධය ඔවුන් තුල ඉතා දරුනුවට මුවහත්ව තිබූ බව හෙට පෙකෙනිය කැපීමට නියමිත කිරි සප්පයෙකුට වුව නිරායාසයෙන් දැනෙන්නා වූ කරුනක වගට මේ වර්තමානය සාක්ශි දරාවි. මන්ද යත් විද්‍යාව නම් වූ අවිද්‍යාවේ හෙනහුරා ලෙස වෙස් ගැන් වූ ක්‍රමවේදය මුලින්ම ගැබ් ගත්තෙ ඔවුන් තුල වූ කුතුහලය මත වීම නොරහසක් වන බැවිනි. ඉතින් එවනි පසුබිමක කලාවේ උපත ගැන යට ගියාවු ඉගියක් ඇත් දැයි සොයා බැලීමට නම් අප මුලින්ම ගොඩ විය යුත්තේ ස්වභාදහම හා තර්කය ඇරබූ ආදි මානවයා ජීවත් වූ යුගයට බවයි මා සතු මතය. මන්ද යත් කලාව යනු චිත්‍ර,නැටුම්,සංගීතය,වැනි අංශයන්ම පමනක් නොවෙන නිසාමය.
එදා මෙදා තුර සුපිරිතම කලාගාරය වන මේ පොලොව මත ස්වබාදහම නම් වූ සුපිරිතම කලාකරුවා අතින් නිම වූ උසස් කලා කෘතිය වන මිනිසා පැහැදිලිවම නිරවුල් කලාවකට හිමිකම් කිවිය යුතුමය. ඇස් පිය ගැසීම,හුස්ම ඉහල පහල ගැනීම,ඇවිදීම ඇතුලුව ජීවත් වීමේද ඇත්තෙ කලාවකි. නමුත් මා සදහන් කර ජිවත් වීම නම් වූ කලාව අද වන විට බොහො දෙනෙකුට විකලාවක් බවට පත්ව ඇත. ඒ කෙසේ වෙතත් මෙසේ යම් රටාවකට,රිද්මයකට මුසු වෙන මිනිසා උරුමයෙන් ලද කුසගින්නත්, ප්‍රජනනයත්,ශරීර කෘත්‍යත් ඇරුනු කොට මුලිකවම සිදු කරන්නට ඇත්තේ ඔවුන් ඉදිරියේ සිදුවෙන වෙනස් වීම් හා ඔට්ටු ඇල්ලීම විය යුතුමය.
...............................................
පිවිසුම
http://blockkalugal.blogspot.com/p/blog-page_10.html
ස්තූතියි....
ReplyDelete