Friday, January 8, 2016

ගීත සාහිත්‍ය කලා රසවින්දනාත්මක බ්ලොග් එකක් " ගීත සලාදය හෙවත් Song salad එක "

එක යායේ කකා වැටී - Eka yaye kaka weti

එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා... නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... 
ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා.. ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී.. දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..
එක යායේ කකා වැටී....
වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති.. නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
එක යායේ කකා වැටී...
............................................

පිවිසුම
http://salaada.blogspot.com/ 

1 comment: