Thursday, August 20, 2015

අළුත් තොරතුරු විචාර විවිධාංග බ්ලොග් එකක් "4/15 ඉඳං ලියන්නේ යාෂා"

බොකාට බොකියක් - මංගල කිංකිනි

බොකාගේ මනාලියන් බැලීමට යාමේ මිෂන් එක සරුවප්ප්‍රකාරයෙන්ම කෙල නොකව්ට් විය. ඒත් බොකාගේ මෑණියන් ගේම අතෑරියේ නැත්තෙහිය. අම්මලා එහෙමය. බොකාට ගෑණියෙක් මනමාලියෙක් සොයන මිෂන් එක අලුත් රජය යටතේ මංගල කිංකිනි තිරුවට දාන්න තිරණය කලෙහිය. එහෙම වත් ඒකාට හරිගියොත් හොදයිය.

හිං දාඩිය දමා, සහලෝල බඩ බුරුල්වෙන සීන් එක උනේ මටය. බොකාට බොකියක් හොයන්න මංගල දැන්විම ලියන මහගු කර්තව්ය බොකාගේ මැණියන් විසින් මා හට පවරන ලද්දෙහිය. කරන්න වෙන අවමගුලක් නැති හින්දා ඒ මාහැගි පුන්ය කරුර්මය බාභාර ගත්තහිය.

ඒකාට මගුල් සොයන්න අසරන මට ඇට නැති පරිප්පු හොදි එක්ක පාං කන්න වෙලාය. කොහොම ලියන්නද කියලා අයිඩියාවක් එන්නේම නැතිය. හිතලා හිතලා පොටත් ගිහිල්ලාය. කාලා කාලා ඇගිලි දහයේම නියපොතු ටිකටත් බබා හම්බ වෙලාය. හාප්සීට් බන්ඩලේකටම බොකාගේ සාපේ පලිසන් දුන්නෙහිය. අවමංගල දැන්වීම් තීරුව බලලාම හචිමක් යැව්වත් එලියට පයින්නේ බොදු ගොවි කියලාය.

බොදු ගොවි (බොදු ගොවි කිවාට ඒ ඇට රිලවා වැස්සකට වත් පංසලකට යන්නේ නැත්තෙහිය, ඒකා වවන්න දන්නේ කොන්ඩෙයි රැවුලයි විතරක්මය), 1948 පෙබරවාරි 31 උපන් වයස නොපෙනෙන ( පුත්තලං බූරුවෝ පට්ටියක වයස තියන ඒකාගේ වයස නොපෙනෙන්න නං ඇහේ සුද තියෙන්න ඕනෙය) උගත් බුද්දිමත් ( ඒ ගැන කියන්න ගියොත් මට කක්කල් කැස්ස හැදෙන්නෙහිය) තල එලලු රූමත් දායාද හිමි පවුලේ එකම පුත්තර රත්නයට සුරා සූදුවෙන් තොර උගත් බුද්දිමත් කඩවසම් දියණියක් සොයන්නේ මවය. කේන්දර එපාය. කෙලිංම කතා කරන්න. 0791233212
.........................................

පිවිසුම
http://yasha88.blogspot.com/ 

2 comments:

  1. එළ කිරි ඔත්තුවට

    ReplyDelete
  2. සුපිරි බ්ලොගයක්.... සහයක් ඉල්ලන්න ඔබට කියන්න හිටියේ...

    ReplyDelete