Monday, July 28, 2014

සුන්දර ගීත බ්ලොග් පිටුවක් "සඳුමල්"

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි

"විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි..."
 



ශ්‍රී ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි. ආසියානුකරයේ බොහෝ රටවල් වලට පොදු වූ මේ සාමාජීය වටපිටාව ලංකාව සඳහා වලංගු වන්නේ දුරාතීතයේ සිටමයි. මෙවන් සංස්කෘතික වටපිටාවක වෙසෙන ශ්‍රී ලංකාවේ කාන්තාව සඳහා සමාජය තුල හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂි ස්ථානයකි. එම තත්වය බොහෝවිට ලාංකීය කාන්තාවට ආවාසිදායක තත්වයක් උදා කලද, වර්ථමානය වනවිට එම තත්වය තරමක් පහවෙමින් පැවතියද, තවමත් බටහිර කාන්තාවට හිමි නිදහස ලාංකීය කාන්තාවට ඉමහත් දුරකින් පවතී.

තවමත් කොල්ලන් හත් පඳුරේම ලැග ගෙදර ආවත් නාවා මයේ පුතේ කියා ගෙට ගන්නා සමාජයක ගැහැණු ළමයෙකුගේ ඉතාම කුඩා වරදකදී පවා ඇය හත් පඳුරියක ලෙස හංවඩු ගැසීමට දෙවරක් නොසිතයි. එවන් පසුබිමක් තුල ලාංකීය සමාජයේ දූෂණයට ලක් වූ කාන්තාවකගේ ඉරණමද ඊට කිසිසේත්ම දෙවනි නොවේ. අද ඔබවෙත ගෙන එන ගී සංවේදනාව, විචාරය එවන් ප්‍රස්තුතයකට ආනුව නිර්මාණය වූ ඉතාම අගනා ගීතයකි.

ජීවිතයේ කුමන හෝ අසව්ථාවක ඔබගේ සොයුරියක්, හිතවතියක් මේ තත්වයට පත්ව තිබෙනවානම් එවන් අවථාවක ඇය මුහුණ දෙන දැඩි ඛේදනීය තත්වය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවතිනු ඇත. දූෂණයට ලක්වූ අහිංසකාවියකට මෙවන් රටක් ඉන් ඉදිරියට අනාගතයක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. බොහෝ අවස්ථාවල තමන්ට සිදුවූ අභාග්‍ය හොර රහසේම සඟවා ගැනීමට ඇය පෙළඹෙනුයේ තමන්ගේ ආත්ම ගරුත්වය සහ අනාගතය ආරක්ෂාකරගැනීමේ අරමුණෙනි. මෙවන් දියණියන් මේ සමාජයේ කොතෙකුත් ඉන්නවාට සැකනැත. එසේ ලොවෙන් සඟවා සිටියද, ඈ පතිකුලයට යන යම් දිනෙක ඇයට මහත්වූ ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවන්නේ ගතානුගතික සම්ප්‍රදායෙන් ලංකාවේ මිනිස් ඔලු ගෙඩි පිරී ඉතිරී ඇතිහෙයිනි. එය එසේ නොවුනද, නොඉඳුල් කෙල්ලෙක් ලබාගන්න කවුරු උනත් කැමතියි. බෝධිසත්ව පෙම්වතෙකු මිස, වෙනත් අයෙකු කුමනාකාරයකින් හෝ කිළිටි වූ යුවතියක ලබා ගැනීමට අකමැති සමාජයක එවන් තත්වයකට මුහුණදුන් යුවතියකගේ ඉරණම කෙතරම් සෝචනීයදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

මේ නිසා මෙවන් අවස්ථාවකදී නීතියේ පිළිසරණ පතා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ඉදිරිපත්වන යුවතියන් ඉතම දුලබයි. ඇතැම් විට කුඩා කලම මෙවැනි අතවරයන්ට මුහුණපාන යුවතියන් තමන්ගේ මුලු මහත් අනාගතයම අඳුරුකරගන්නේ ඉතාම ඛේදනීය අයුරින්ය. එවන් බොහෝ දෙනා අවසානයේ තමන්ගේ සිරුර විකුණාදැමීමේ තත්වයට පත්වෙති.

කෙසේ වුවද ගීතය මඟින් නිරූපණය කෙරෙනුයේ එවැනි අවසනාවන්ත තත්වයකට මුහුණ දී නීතියේ පිළිසරණ මතා ආ යුවතියක් සම්බන්ධයෙනි.

ගීතය ගලාගෙන යනුයේ දයාබර සොහොයුරෙකු නැඟණියකට කරන ආමන්ත්‍රණයක ස්වභාවයෙනි.

"විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක්‌ කර මලක්‌ සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසුරුනු පෙති යලි මලක්‌ නොවෙයි නැගණි..."
 
 පිවිසුම

2 comments:

  1. ඔබගේ බ්ලොග් දර්ශකය තුලින් මගේ බ්ලොග් එක මෙලෙස හඳුන්වාදීම පිළිබඳව ඔබට ඉතාමත්ම ස්තූතියි. මේ දැක්වූ අනුග්‍රහය මගේ ගමනට ඉමහත් ශක්තියක්.

    ඉතාම ස්තූතියි නැවතත්.

    "ඔබ මට කුමුදෙක් මැයි
    ලා සඳේ රෑ පිපී ආ..,
    ඔබ මට ගඟුලෙක් මැයි
    සා පිපාසා නිවා ආ..,
    ඔබ මට පහනෙක් මැයි
    මාසේ පෝදා දිලී ආ.,
    ඔබ මට පවනෙක් මැයි
    ගිම් සමේහී හමා ආ.."

    ReplyDelete
    Replies
    1. ඔබේ ගීත බ්ලොග් එක අපට සයිබර් අවකාශයේ යම් විවිධත්වයක් නිර්මානය කරදී තිබෙනවා. ඒ ගැනත් ඔබට ස්තුතියි.

      Delete