Saturday, November 7, 2015

කාලීන සිදුවීම් රසවින්දන තොරතුරු හා විවිධාංග බ්ලොග් එකක් " තිසරගේ අඩවිය "

මම ආදරය කරපු මේ වැස්සට අද මම ශාප කරනවා

අහස කළුවර වෙනකොටම මම දන්නවා
ඒ වහින්න තමයි කියලා
වැස්සට නොතමෙන්න හිතාගෙන මුවා වුණ මම
මහ වැස්සට මැදිව පුංචි කුඩයක් යටින් එන ඔබව දැක්කේ
හරියට මේ වැහි අඳුර දුරු කරන්න ආපු සුරඟනක් වගේ
නොහිතුවා වගේම වැස්සට මැදිව ආපු ඔබ
මගේ ලඟින්ම රැඳෙද්දි වැස්සට නොතෙමුනු මම
ඔබේ කුඩෙන් එන දිය පහරට තෙමුනා...
ඒ දිහා බලන් ඉඳපු ඔබ මා දෙස බලා සිනාසුනා
මට තවම මතකයි

අපේ ආදර කතාව ඇරඹුම
එතැනින් සටහන් වෙද්දි මම
එදා ඉඳන්ම වැස්සට ආදරය කලා ...
වහින හැම මොහොතකදීම මම
ඒ වැස්සට ආදරය කලා
ඔබට වගේම මට ඔබව හිමිකරදුන්
මේ වැස්ස මගේ ජීවිතය වුණා
එදා ඔබ විතරක් තනිවුනු ඒ පුංචි කුඩයට
අපි දෙන්නාම යන හින්දාම
දැන් තනියක් නැතිවෙන්න ඇති

  

පිවිසුම

http://thisarageadawiya.blogspot.com/ 

1 comment:

  1. නිතර කතා කරන මතෘකාවක්. ඒත් ලස්සනට ලියලා . සුබ පැතුම් :)

    ReplyDelete