ඔබ වහන්සේට සුබ ගමන්!!

එහෙත් මාදුළුවාවේ සෝභිත නම කියද්දී මට
හැමවිටම දැණුනේ සිවුරුකාරයෙක් ගැන නොව භික්ෂුවක් ගැන යි. මම උන්වහන්සේව
නොහඳුනමි. මා උන්වහන්සේ ගැන දන්නේ ද ඔබ මෙන්ම ජනමාධ්‍ය ඔස්සේම පමණි.
සෝභිත හිමි පිළිබඳ මාගේ ප්‍රථම මතකය ඇත්තේ
රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ධර්ම සාකච්ඡාවක් පිළිබඳවයි. වර්තමාන
සිවුරුකාරයින් බණ කියනා අයුරුද මහත් සේ අප්‍රසන්න වූ යුගයක යි සෝභිත හිමි
සහභාගී වූ ඉහත කී දහම් දෙසුම මා දුටුවේ. එය මීට අවුරුදු කිහිපයකට පෙර එළැඹි
වෙසක් පොහෝ දිනෙක ස්වර්ණවාහිනී නාළිකාව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් වූ
අතර එය විකාශය වූයේ කුසිනාරාවේ සිට යි.
බුදුන්වහන්සේගේ පරිනිර්වාණය එම ධර්ම
සාකච්ඡාවේ මාතෘකාව විය. සෝභිත හිමි උන්වහන්සේටම ආවේනික වූ ශෛලියෙන් බුද්ධ
පරිනිර්වාණය පිළිබඳ කතාව කියන්නට විය. නිර්ආගමික අදහස් ඇති මාගේ දෙනෙත් ද
එය අසා සිටියදී තෙත් වන්නට වූයේ උන්වහන්සේ එය කොයි තරම් සංවේදී ලෙස
පැවසුවේද යන්න ඔප්පු කරමිනි.
.......................................................................
පිවිසුම
No comments:
Post a Comment