Sunday, July 19, 2015

තොරතුරු විවිධාංග ශාස්ත්‍රීය හා විචාර බ්ලොග් පිටුවක් "අල්තයීර්ගේ අඩවිය "

සුබ පාලනයක්ද යහ අනාගතයක්ද !


මී ළඟ රජය යහපාලන රජයක් වේ යැයි එකෙක් කියනවා ය, සුබ අනාගත රජයක් වේ යැයි තවෙකෙක් කියනවා ය. එසේ කියනා කියනා එකාට එසේ නොවේ යැයි කියන උන් අම්ම මෝ නැතිව බනින අතරේ සමහරු අත්පුඩි ගහනවාය, එකෙක් දෙන්නෙක් ඕන එකකට හූමිටි තියනවා ය, කලාතුරකින් එකෙක් බකන් නිලන් ඉන්නවා ය. බකන් නිලන් ඉඳලා ඉඳලා, සමහර විට මෙහෙම ඒවාත් ලියා තබනවා ය.


මං නම් කියන්නේ යහපාලන ආණ්ඩුවක් පත් වෙන්න ඕනේ කියා ය, සුබ අනාගත ආණ්ඩුවකුත් පත් වෙන්න ඕනෑ කියා ය. ඔය දෙකම මේ රටට පත් වෙන්න ඕනෑ ය. ඒ වුණාට ඔය නම් දාගෙන ආපු එකෙක්වත් ඔය කියන ජාතියේ ආණ්ඩුවක් හැදුවේ නැති ය. 
සමහරු කියන්නේ වැරදි අඩුම එකෙක්ට බලලා ඡන්දේ දෙන්න ඕනේ කියලා ය. උන් කරන වැරදි මොනාදැයි අපි දන්නේ නැති කොට, වැරදි අඩුම එකා මොකාදැයි කිරාගන්න තාමත් තරාදියක් හම්බුනේ නෑ ය. මේ ඉන්න එකා ඊගාවට මොනා කියයි ද, මොනා කරයි ද නොදන්නා දේශපාලන ලෝකයක ඔව්වා කිරන්නට යාමද බොරු වැඩකි, මං මේ කියන්නේ පක්ෂ විපක්ෂ ඔය කොයි කවුරුත් ගැන ය.
..........................

පිවිසුම
http://karuugesithroo.blogspot.com/ 

1 comment:

  1. "අත හෙල්ලුවොත් කට හෙල්ලෙනවාය' කියා කියමනක් ඇත. අපි හම්බ කෙරුවොත් අපිට කන්න ලැබේවි. වරින් වර දිනා රට කරවන ඇත්තන් නටවන නා නා විධ වන්නම් දැක තප්පුලන විස්ල් ගහන හුදී මහජනතාව කවදා සීරුවෙන් ඉඳීවිද නොදනිමි. කක්කුස්සියෙ ඔබපු விளக்குமாறு Viḷakkumāṟu වෙන් අපි අපිටම තලා ගත යුතුමය

    ReplyDelete