Tuesday, July 21, 2015

සාහිත්‍යමය හා ගී රසවින්දන බ්ලොග් එකක් " වික්ටර් රත්නායක ගී එකතුව "

සොඳුර නුඹ මට මවු වෙයන්

සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පවු ගෙවන්නට...

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ළඟ ‍රැදී
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

හදට දුක් ගිනි කිසිත් නොම දී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

ගී පද - ගාමිණී ෆොන්සේකා
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

................................

පිවිසුම
http://victorrathnayakelyrics.blogspot.com/ 

1 comment: