ඔබ නැති ලොවත් සඳ නැති අහසකි රෑට...
තනිකම ඇවිත් මගෙ තනිකම මකන්නට..
එන්න ද අහනවා පිල පැන දොරකඩට..
තාමත් ඔහේ තාවර වෙන මගෙ හිතට..
කීවට අහන්නෑ "කවුරුත් නැහැ නුඹට"...
රාස්සිගේ අව්වත් වැටිලා බිමට..
හිරු සැතපෙන්න යනවා සයුරේ ඉමට..
තනියට රැඳෙන්නට කවුරුත් නැති කමට..
නුඹවත් පායපන් පුන්සඳ ගගනතට...
මවමින් නෙක රටා තරුකැට දිලුනාට..
කණාමැදිරි එලි අරගෙන ඇදුනාට...
කඩුපුල් සමන් සුදු පාටින් පිපුනාට...
ඔබ නැති ලොවත් සඳ නැති අහසකි රෑට...
.......................................
http://dawasindawasata.blogspot.com/
No comments:
Post a Comment