Monday, February 16, 2015

නව කලාකාමී රසවින්දනාත්මක බ්ලොග් පිටුවක් "සේයා"

මුඩුබිමේ අවසන් සේයා සටහන්



මැදපෙරදිග මුඩු බිමේ ජීවිතයට සමුදීලා මං ආපහු ලංකාවට ගොඩ බැස්සෙ මේට මාසෙකට කලින්. පිටිසර ගමක ගෙවන ජිවිතය අතරතුර කැමරාව නිතරම ක්‍රියාත්මක උනත්, බ්ලොග් එක යාවත්කාලීන කරන්න නම් අවකාශයක් ලැබුනෙ නෑ. ඒ අපේ පලාතට කිසිම සන්නිවේදන ආයතනයක අන්තර්ජාල පහසුකම් ලැබෙන්නෙ නැති නිසා. 2G පහසුකම් විතරයි අපට ලැබෙන්නේ. ඉතින් ඒ හරහා එක පින්තුරයක් උඩුගත කරන්නත් සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. ඒ නිසා ඉදිරියට තනි පින්තුරේ බැගින් පල කරන්නවත් උත්සහ කරන්නයි හිතන් ඉන්නෙ. 



මේ බ්ලොග් සටහනේ පල කරන්නෙ කටාර් වල මං ගෙවපු අවසන් කාලයේ ගත්ත පින්තූර කිහිපයක්. 



කටාර් රාජ්‍යයේ පිහිටන එකම තෙත් බිම අල් කෝර් ආසන්නයේ තියෙන Purple Island කියන අර්ධ දූපතේ කදවුරු ලෑමට ගිය දවසකයි මේ පින්තුර ටික සටහන් කර ගත්තේ.

හිරු උදාව

පිවිසුම
http://pinthorawick.blogspot.com/

1 comment:

  1. අජිත් කුමාර ලොකු මෙහෙයක් කරන්නේ මේ බ්ලොග් අඳුන්වා දීල. බොහොම ස්තුතියි.

    ReplyDelete