Wednesday, February 18, 2015

නව විවිධාංග රසවින්දන බ්ලොග් එකක් "ගණ අඳුර"

හැපි වැලන්ටයින්ස් ඩේ...

මේ ආදරවනතයින්ගේ මාසයයි....
ලෝකයේ මෙන්ම බ්ලොග් අවකාශයේද ආදරය ගැන කතා බහ වන කාලයයි...
ආදරවන්තයින් තව තවත් ආදරයෙන් බැඳෙන....
ආදරයෙන් පරාජය වූවන් සුසුම් හෙළන.....
ඇතැමෙක් හෙලා දකින....
අද…..
වැලන්ටයින් දිනයයි….
ඉහත කී කුලක වලින් මා අයත් වන්නේ කුමකටදැයි තීරණය
කිරීම ඔබට බාර කරමි....


ලංකාවේ ආදර ගීත වලට වඩා හිට් වන්නේ විරහ ගීතය...
මා මෙතෙක් සිතා සිටියේ විරහව ආදරයට වඩා මාකට් කල හැකි බවයි..
නමුත් මේ දිනවල රුපියල් සියයේ සිට අලෙවි වන රෝස මල් සහ වැලන්ටයින් කාඩ් දකින විට
ආදරයද විරහව තරමටම මාකට් කල හැකි බව පෙනේ...
හෝලි ෆෙස්ට් වලින් පසු ඉවෙන්ට් ඕගනයිසර් ලාට අද තවත් කල්ල මරේ දිනයකි..
පසුගිය දින කිහිපය පුරාම බුකියේ වැලන්ටයින් පාටි සඳහා විශාල වශයෙන් ආරාධනා ලැබිණි...
වැලන්ටයින් සමරන්නේ කෙල්ලන් පමණක් යැයි සිතාද මන්දා බොහෝ ඒවා ලේඩීස්
වෝල්කින්ෆ්රී ...
කවුරුන් හෝ හම්බකරගන්නවාට විරුද්ද නොවෙමි...
නමුත් මේ විකුනන්නේ ආදරය නම් එහි යම් සදාචාරයක් තිබිය යුතුය....
නැතිනම් මේ වැලන්ටයින් පාටි ත් තවත් හෝලි ෆෙස්ට් එකක්ම වනු ඇත...
එසේ බලන විට ලංකාවේ මිනිස්සු පට්ට හොඳය...
ආදරවන්තයින්ට සෑහෙන්න ආදරේය....

පිවිසුම
 

No comments:

Post a Comment