Friday, December 11, 2015

කලා සාහිත්‍යමය රසවින්දන බ්ලොග් එකක් " අන්ධකාර තාරකාව "

මම පුන්චි කාලෙ....



ඇට්ටේරියා ගහ යට
සුදුම සුදු පාටට
පාවඩ එලන කාලෙට
තෙමෙන්නට හිතාගෙන
මල් තුහින වැස්සක
මලින් බර තුරු අතු
සිලි සිලි තාලෙකට
සෙලෙව්වා මතකයි.....


අලුත් පාසල් වාරෙක
අලුත් සුදු නිල ඇදුම් ඇදගෙන
ඉස්කෝලෙ ගිය දවසක
අලුතින් ලැබුනු පොත් වල
සැඟව ඇති නැවුම් සුසුවඳ
දෑස් යුග පියාගෙන
සිතින් විදගත්තු හැටි මතකයි.....


රෑ අහස පුරාවට
පුන්චි මුතු ඇට වාගෙම
තාරුකා දිලිහෙන දවසක
තරු අතර ඇවිදින
අබිරහස් එළි සොයා
මගේ හිත වෙහෙසුනා මතකයි......

..................................................


පිවිසුම
http://andhakaratharakawa.blogspot.com/

3 comments:

  1. අන්ධකාර තාරකාව ලස්සන අදහස් තියන බ්ලොග් එකක්

    ReplyDelete
    Replies
    1. thanx.. වසන්තයට පෙර kiyanneth lassana blog ekak.. :)

      Delete